කොළඹ ජනප්‍රිය පාසලක ප්‍රධාන ශිෂ්‍ය නායකයා සමඟ සමීප සබඳතාවක් පැවැත්වූ බව කියන ගුරුවරියන් දෙදෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි පාසලෙන් ඉවත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය තහවුරු කරයි.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා ප්‍රකාශ කළේ අදාළ ගුරුවරියන් දෙදෙනා මේ වන විට පළාත් අධ්‍යාපන කාර්යාලයට අනුයුක්ත කර ඇති බවයි.
කෙසේ වෙතත්, එම ගුරුවරියන් මෙතෙක් පළාත් අධ්‍යාපන කාර්යාලයේ සේවයට වාර්තා කර නොමැති බවට ද තොරතුරු වාර්තා වේ.
මෙම සිද්ධියට අදාළව අදාළ විදුහලේ විදුහල්පතිවරයා විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර, එම වාර්තාව පදනම් කර ගනිමින් ඉදිරි නීතිමය කටයුතු සිදු කිරීමට නියමිතය. මීට අමතරව, විද්‍යාලය තුළ ද අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
සිද්ධියට සම්බන්ධ බව කියන ශිෂ්‍යයා ද මේ වන විට පාසලෙන් ඉවත් කර ඇති අතර, එම විද්‍යාලයේ ශිෂ්‍ය නායක මණ්ඩලය ද විසුරුවා හැරීමට බලධාරීන් පියවර ගෙන ඇත.
අදාළ දර්ශන මගින් තම පුත්‍රයාට අපහාසයක් සිදුවී ඇති බවත්, ඔහු දැඩි අපහසුතාවට පත්ව ඇති බවත් පවසමින් ශිෂ්‍යයාගේ පියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
මෙම රූප රාමු සමාජ මාධ්‍ය වෙත මුදාහළ පුද්ගලයින් සොයා ඔවුනට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස පියා සිය පැමිණිල්ලෙන් ඉල්ලා ඇත.
මේ සම්බන්ධයෙන් රහස් පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග තහවුරු කරයි.
This comment has been removed by the author.
ReplyDeleteමගේ අදහස නම් පොලීසියට ආපු වේලාවේ තාත්තව රිමාන්ඩ් කරගන්න කියලයි.ගොබ්බ කමට දරුවන් ගැන නොසොයා නොබලා වලත්ත කම් කරනකන් නොදන්නවා වගේ අහක බලාගෙන සිටීමේ වරදට දඬුවම් දෙන්න.දැන් ඵනවා මේවා සමාජ ජාලයට දාපු කෙනා සොයාගෙන.සමහරවිට තාත්තගේම දේ කරන පුතා මොට්ටිගේ පුතෙක් වෙන්නත් පුළුවන් නේද?හාද
ReplyDeleteබීලා බීල වාහන එළවලා වාහනේ හප්පලා කුඩා දරුවෙකුයි මහළු මවක් ඇතුළු කීපදෙනෙක්ට බරපතළ තුවාල කරලා තාමත් යහතින් ඉන්න හිටපු මහාචාර්ය කෙටිකතානායක අතිගරු රංවල උතුමාණන්ට දඬුවම් නොදුන් එකේ මේවා මොනවාද පුතා
Deletemudaa hariya eka gana nevi...walaththakama karapu ekata gana balanna onee...
ReplyDeleteEhemada
ReplyDeleteඒ ගුරුවරියන් දෙදෙනා මගෙ ඉස්කෝලෙට මාරු කරගන්න පුළුවන්ද? - ........ පාස
ReplyDeleteලේ විදිහල්පති
ළමයින්ට අවුරුදු දාසයේ ඉඳන් සෙක්ස් කරන්න ඉඩ දෙන්න ඕනි කියල පාර්ලිමේන්තුවේ බෙරිහන් දීපු බිමලා කෝ.පාසල් බෑග් වලට කොන්ඩම් දානවා කියපු ඕමායා කෝ?උන් කියපුව තමයි ඒ කොලුව කරලා තියෙන්නෙ උගෙ වැරැද්දක් නෑ.
ReplyDeletevery true
Deleteදැන් මේ කියන අසැබි දර්ශන ඇසබිද නැද්ද කියලා බලන්න සමාජ මාධ්‍යට දාන්න ඕනේ. නැත්නම් අපි දන්නේ නැහැනේ. මේක පළිගැනීමේ චේතනාවෙන් කරපු දෙයක්. - නාමල් රාජපක්හොරු
ReplyDeleteJJ gihilla balanna
Delete