ලක්‍ෂ අටේ ගල් රෝල මං ගියාම හයහමාරයි කිවුවා.. සල්ලි දීල ගේන්න යැවුවා..- කඩුවෙල ක්‍ෂණික ප‍්‍රසම්පාදන

 


කඩුවෙල මහ නගර සභාවේ කටයුතු සඳහා ගල් රෝල් තුනක් මිලදී ගැනීමේදී රුපියල් ලක්ෂ අටක් ලෙස ප්‍රකාශ වූ මිල තමන් සහ තම මන්ත්‍රීවරුන් දුටු සැණින් රුපියල් ලක්ෂ හය දක්වා අඩු වූ බව නගරාධිපති රන්ජන් ජයලාල් මහතා පවසයි.

බොහෝ පිරිසකට අතීතය අමතක වී ඇති බවත්, වර්තමානයේ පවතින වගකීම්වලට මුහුණ දීමට තම කණ්ඩායමට සිදුව ඇති බවත් ඒ මහතා සඳහන් කළේය. 

නගර සභාව සඳහා ගල් රෝල් තුනක් මිලදී ගැනීමට තීරණය කළ අවස්ථාවේදී එහි මුල් මිල ලෙස ලක්ෂ අටක් ප්‍රකාශ වුවද, නගරාධිපතිවරයා ලෙස තමන් දුටු විට එය ලක්ෂ හයහමාර දක්වා අඩු කිරීමට අදාළ පාර්ශවයන් එකඟ වූ බව ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම, සමන්ත නම් මන්ත්‍රීවරයා දුටු විට එම මිල තවත් රුපියල් පනස් දහසකින් අඩු වී ලක්ෂ හය දක්වා පහත වැටුණු බව රන්ජන් ජයලාල් මහතා වැඩිදුරටත් අනාවරණය කළේය. 

 මෙම තත්ත්වය පැහැදිලි කරමින් ඔහු ප්‍රකාශ කළේ, මෙම වෙනස පිළිබඳව සියලු දෙනා අවධානය යොමු කළ යුතු බවයි

3 Comments

  1. මුගෙ සාක්කුවට ලක්ෂ කීයක් ගියාද දන්නෙ නෑ.

    ReplyDelete
  2. ආන්න දැක්කද
    විසේසයෙම්ම අපේ ඉන්නවා අංර කියල ලොක්කෙක්
    එයා ටකරමක් ගියත් ලස්සම දහයක් දෙනවා කීවා
    පස්සෙ ඒක ලස්ස පහ වෙලා දෙක හමාරට අඩු උනා
    අන්තිමේ දුන්නු ලස්සෙ චෙක් එකත් රිටන් උනා
    දැන් අපිට තමා ඒකටත් කරගහන්න වෙලා තියෙන්නෙ


    ReplyDelete
    Replies
    1. මේක කොටියටම ගිය රට!February 11, 2026 at 3:09 AM

      සුළඟට ගිය ටකරං වලට නොදුන්නට මොකද ම්ලේච්ඡ, ජනඝාතක වේලුවා හිටියයි කියන ගුබ්බෑයම අලුත්වැඩියා
      කරල උගෙ නංගිට දෙන්ඩ ලක්ෂ ගානක් මහජන මුදල් වියදම් කරන වානෙ. ඒ මදිද?

      Delete
Previous Post Next Post