තමා ඡායාරූප යොදාගනිමින් තමා සම්බන්ධයෙන් අපහාසාත්මක වීඩියෝවක් යූ ටියුබ් නාළිකාවක උඩුගත කිරීමේ සිද්ධියකට අදාළව නැගෙනහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර විසින් මඩකලපුව මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබේ.
එස් ටී එෆ් ප්‍රධානියා අත්අඩංගුවට යනුවෙන් හා බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වු නෛතික ක්‍රියාවලියට සිදු කරනු ලබන අවහිර කිරීම යන අය මැයෙන් එම යු ටියුබ් නාළිකාව මෙහෙයවන ආයතනයේ හිමිකරු විසින් ඉකුත් මස 26 වෙනිදින උඩුගත කරන ලද වැඩසටහනේ අන්තර්ගතය තුළින් තම කීර්ති නාමයට සිදුවූ හානිය සම්බන්ධයෙන් එම පැමිණිල්ල කර ඇත.
එකී පැමිණිල්ල සම්බන්ධයෙන් අධිකරණය වෙත කරුණු වාර්තා කර වින්දිතයන් හා සාක්ෂිකරුවන්ට සහාය දීමේ හා ආරක්‍ෂා කිරීමේ පනත යටතේ විමර්ශන සිදු කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
බිමල් ජයසිංහ - බන්ඩාරගම
