ඇමති අනුර කරුණාතිලක ඉල්ලා අස්වෙයි..


කොළඹ වරායෙන් බහාලුම් 323ක් නිසි පරීක්ෂාවකින් තොරව පිටකිරීමේ සිද්ධිය විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකත්වයෙන් වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉල්ලා අස්වී තිබේ.

අමාත්‍ය අනුර කරුණාතිලක මහතා කාරක සභාවෙන් ඉල්ලා අස්වී ඇති අතර, ඒ වෙනුවට නව සාමාජිකයෙකු ඉදිරියේදී පත් කිරීමට නියමිතය.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 11 වැනිදා මෙම කාරක සභාව තෙවන වරටත් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස්විය.

රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් එදින කාරක සභාව හමුවට කැඳවා තිබූ අතර, එහිදී සිද්ධියට අදාළ සාක්ෂි සටහන් කර ගැනීම සිදු කෙරිණි.

අනිවාර්ය භෞතික පරීක්ෂාවන් මඟහැර බහාලුම් මුදා හැරීම සම්බන්ධයෙන් නිර්දේශ සහ යෝජනා ඉදිරිපත් කිරීම මෙම විශේෂ කාරක සභාවේ මූලික වගකීම වේ. 

අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම පිළිබඳව සභාපතිවරයා විසින් නිල වශයෙන් දැනුම් දෙනු ලැබුවේ සාක්ෂි විමසීමේ කටයුතු ආරම්භ කිරීමට පෙරය.

1 Comments

  1. අන්න එහෙමයි මහත්තුරු වැඩ කරන්නෙ. ඉස්සර හිටපු හිඟන ඇමැතිල නං කොහොමද?

    ReplyDelete
Previous Post Next Post