ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයා තවදුරටත් රවටන්නේ නම් ඔවුන් ලිට්රෝ ගෑස්වලට නිදහස් කර පාරිභෝගිකයාට සිදු වූ අසාධාරණයට එරෙහිව පාරිභෝගික අධිකාරිය හරහා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට එම සමාගමට ඊයේ (පෙබ. 23) තදින් අවවාද කළේ යැයි වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසීය.
ඒ අනුව, මාර්තු මස ගෑස් නැව් හතරක් ගෙන්වා පාරිභෝගිකයාට ගෑස් බෙදාහැරීමට කටයුතු කරන බවට ලාෆ් ගස් සමාගම පොරොන්දු වූ බව ද අමාත්‍යවරයා කීය.
එමෙන් ම, අප්‍රේල් මස සිට දෙසැම්බර් දක්වා අඛණ්ඩව ලාෆ් ගෑස් බෙදාහැරීමට ඊයේ පැවති සාකච්ඡාවේදී ඔවුන් පොරොන්දු වූ බව ද අමාත්‍යවරයා පැවසීය.
තව ද, ලාෆ්ස් ගෑස් සමාගම හම්බන්තොට ගෑස් ටර්මිනල් එකට බදු නොගෙවීම මත ගෑස් මෙට්‍රික් ටොන් හය දහසක් නිදහස් කර ගත නොහැකි වී ඇති බව ද ඔහු පෙන්වා දුන්නේ ය.
අමාත්‍යවරයා මේ බව ද කීය.
“ලාෆ් ගෑස් සමාගම සමග අපි අද සාකච්ඡා කළා. ඔවුන් ගෑස් වෙළෙඳපොළට බෙදාහැරීම සිදු කරන්නේ කොහොමද කියලා විමසුවා. අපි දැඩිව අවවාද කළා පාරිභෝගිකයා රවට්ටන වැඩේ වහාම නවත්තන්න කියලා. අඛණ්ඩව ගෑස් සපයන්න ඕනෑ. මොකද ගෑස් සිලින්ඩරයට සිකියුරිටි එකක් අරන් තියෙන්නෙ. එහෙම නැත්නම් ඩිපොසිට් එකක් තියලා තියෙන්නෙ. ඔවුන් එහෙම තමයි අරන් තියෙන්නෙ. පාරිභෝගිකයා රැවටීම මත ඒ හරහා ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඕනෑ. ඒ විතරක් නෙවෙයි. අපි කැමැති නෑ සමාගමක් ලෙස තවදුරටත් රජය අපහසුවට පත් කරනවට මෙවැනි දෙයක් වෙළෙඳපොළේ නිර්මාණය කරලා. අපි විමසුවා කොහොමද ගෑස් බෙදාහරින්නේ කියලා. මේ 27දා ඒ අය මෙට්‍රික් ටොන් 3,700ක් ගේනවා. ඒක දවස් අටකට ප්‍රමාණවත්. නමුත් ඒක විසඳුමක් නොවෙයි. ඒ හින්දා ඒ අය අපෙන් ඉල්ලීමක් කළා සී.පී.සී. එකේ ගෑස්වලින් දවසකට ටොන් 25ක් දෙන්න කියලා. අපි ඒ ගැන සාකච්ඡා කරලා බලන්නම් කිව්වා.”
අනුරාධා හේරත්
Mawbima
