කිසිම ගල් අගුරු වංචාවක් නෑ.. බාල ඒවාට දෙගුණයක් දඩ ගැහුවා.. වාර්තා වෙනස් කල නිලධාරීන්ට දඬුවම් දෙනවා..


වර්තමාන රජය යටතේ සිදුකළ ගල් අඟුරු ටෙන්ඩර් ක්‍රියාවලිය කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව, අතිශය විනිවිදභාවයකින් යුතුව සිදු කර ඇති බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා අවධාරණය කරයි. 

පසුගිය පාලන සමයන්හිදී ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව කැබිනට් පත්‍රිකා මගින් හිතුමනාපයට ටෙන්ඩර් ලබාදුන්නද, මෙවර විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් හරහා වැඩිම ලංසුකරුවන් පිරිසක් අතරින් සුදුසුම පාර්ශවයන් තෝරාගත් බව අමාත්‍යවරයා පැවසීය.

ගිවිසුමට අනුව ගල් අඟුරුවල ගුණාත්මකභාවය හෙවත් කැලරි වටිනාකම ඒවා පටවන අවස්ථාවේදී සහ ගොඩබාන අවස්ථාවේදී පරීක්ෂා කිරීම අනිවාර්ය බවත් ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත්, මෙරටට පැමිණි පළමු ගල් අඟුරු නැව ගොඩබාන අවස්ථාවේදී සිදුකළ පරීක්ෂණවලින් එහි ප්‍රමිතිය නියමිත මට්ටමට වඩා අඩු බව හෙළිවී තිබේ. 

ඉන්දියානු ආයතනයක් මගින් ලබාදුන් මෙම වාර්තාවල පරස්පරතාවය හේතුවෙන් වහාම නීතිමය ක්‍රියාමාර්ග ගත් බවත්, සිදුවූ අලාභය මෙන් දෙගුණයකටත් වඩා වැඩි දඩ මුදලක් අය කර ගැනීමට කටයුතු කළ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. 

ඒ අනුව, මෙම ක්‍රියාවලිය හරහා රජයට කිසිදු මූල්‍යමය පාඩුවක් සිදුවී නොමැති බව ඔහු තහවුරු කළේය.

ප්‍රමිති වාර්තාවල සිදුවූ මෙම වෙනස්කම් පිළිබඳව බලශක්ති අමාත්‍යාංශය තුළ දැනටමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් අනාවරණය කළේය. 

එහිදී යම් නිලධාරියෙකු හෝ වෙනත් කණ්ඩායමක් වංචනික ලෙස වාර්තා වෙනස් කිරීමට මැදිහත් වී ඇති බවට තහවුරු වුවහොත්, ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව හෙතෙම පැවසීය. 

මෙය කිසිදු ආකාරයක දේශපාලන මැදිහත්වීමක් සහිත ටෙන්ඩර් මගඩියක් නොවන බවත්, පවතින නීතිමය රාමුව තුළ උපරිම විනිවිදභාවයෙන් කටයුතු කර ඇති බවත් අනිල් ජයන්ත මහතා වැඩිදුරටත් කියා සිටියේය

9 Comments

  1. කාපියව් ගූ. ඒක ඔයිට වඩා නම්බුයි.

    ReplyDelete
    Replies
    1. මුන්ට ගු ගහන්න ඕනේ

      Delete
    2. මූ හිතාගෙන ඉන්නේ රටේ ඔක්කොම ගොන්නු කියලා.
      68ලක්ශයක් ගොන්නු උනාට අනිත් උන් ගොන්නු නෙමේ තක්කඩි ඇමැතියො.

      පළාත් සභා ඡන්දෙ තියපන්කො,
      අන්න එතකොට බලන්න පුලුවන් කෙරුවාවෙ තරම.

      Delete
  2. නිලධාරීන් බිල්ලට.

    ReplyDelete
    Replies
    1. මුන් සුද්දවන්තොයෝ නිලදාරී අන්තිමට වැරදි

      Delete
    2. සිරාවටම. පලවෙනි එකේම බාලයි කියලා තේරුනා නම් තව ගේන්න ඉඩ දුන්නේ ඇයි?
      ඒකෙන්ම ටෙන්ඩරේ අහෝසි කරන්න තිබුනා නේ. දැන් නැව් 9ක් ඇවිත් තව 20ක් එන්න තියෙනවා නේ?
      ඒ නැව් 9ම ප්‍රමිතිය ඉතාමත්ම බාලයි නේ. කොහොමද එහෙම උනේ?

      Delete
  3. බූරුවෝ අර කුමරා ජයකොඩි කියන හිඟන ගඳ ගහන පල් හොරා එලවපන් ... තක්කඩි කතා කියන්නේ නැතුව ... තොගේ මහාචාර්යය කම තියාගෙන පලයන්න මක බෑවෙලා .. ජපුරේ හිවලා

    ReplyDelete
  4. මුන්ට palawatten කියල තියෙන්නේ දැන් තියෙන්නේ ගොබල්ගේ තියරිය දන්නා කියල

    අපි හොරු නෙමේ මේක උනේ අපේ ගොන්කම හින්ද හැමතැනම කිව්වහම මිනිස්සු පිලිගන්නවා කියල

    ReplyDelete
  5. මේ හැත්ත බොරු කියන්න ගහිල්ල හැමතැනම නා ගන්නවා

    ReplyDelete
Previous Post Next Post