පෝලිම්වල පොරකන්න එපා.. ගෑස් තියෙනවා..- ලිත්‍රො

 


පාරිභෝගික අවශ්‍යතා සඳහා සෑහෙන ගෑස් තොග තමන් සතුව පවතින බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම වශයෙන් නිවේදනය කරයි. එබැවින් අනවශ්‍ය ලෙස කලබල වී ගෑස් සිලින්ඩර රැස් කර තබා නොගන්නා ලෙස සමාගම මහජනතාවගෙන් ඉල්ලා සිටී.

පසුගිය පෙබරවාරි 14 වන දින සැපයුම් පද්ධතියේ ඇති වූ දින දෙකක බාධාව සහ වෙළඳපොළේ ඉල්ලුම හදිසියේ ඉහළ යාම හේතුවෙන් මෙම තාවකාලික සැපයුම් සීමා වීම සිදු වූ බව එම සමාගම පෙන්වා දෙයි. 

මේ වන විට බෙදාහැරීම් කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට වහා පියවර ගෙන ඇත.

බෙදාහැරීම් වේගවත් කිරීම ලිට්‍රෝ සමාගම පෙබරවාරි 17 සහ 18 යන දිනවලදී පමණක් ගෘහස්ථ ගෑස් සිලින්ඩර 284,000ක් වෙළඳපොළට නිකුත් කර ඇත.අද (බ්‍රහස්පතින්දා) සිට ලබන සෙනසුරාදා දක්වා තවත් ගෘහස්ථ සිලින්ඩර 351,000ක් බෙදාහැරීමට නියමිතය.

සැපයුම තවදුරටත් ස්ථාවර කිරීම සඳහා අවශ්‍ය ඇණවුම් දැනටමත් ලබා දී ඇති බවත්, මේ මස අවසන් වීමට පෙර නෞකා තුනක් මෙරටට ළඟා වීමට නියමිත බවත් සමාගම පවසයි. 

ඒ අනුව ඉදිරියේදී කිසිදු ගෑස් හිඟයක් ඇති නොවන බවට ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සහතික වෙයි

1 Comments

  1. කලවානට ගෑස් ලොරියක් එවපල්ලා, දවස් ගානකින් ගෑස් නෑ

    ReplyDelete
Previous Post Next Post