ශ‍්‍රී ලංකාව ෆින්ලන්තය සමග දේශපාලන උපදේශණ යාන්ත‍්‍රණයක්...


 ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය 1954 වර්ෂයේදී නිල රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කර ඇති අතර, මෙම වර්ෂයේදී දෙපාර්ශ්වය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිතකිරීමේ 72 වන සංවත්සරය සමරනු ලබයි.

 එම කාලසීමාව තුළ දේශපාලන, ආර්ථික, සමාජ - සංස්කෘතික, අධ්‍යාපනික, පාරිසරික හා පුද්ගල සබඳතා මඟින් ශක්තිමත් වූ දෙරට අතර සබඳතාව, සක්‍රීය හවුල්කාරිත්වයක් දක්වා වර්ධනය වී ඇත. 

දේශපාලන, ආර්ථික, අධ්‍යාපන, පාරිසරික, කොන්සියුලර් සහ සංස්කෘතික ආදී අංශයන්හි සබඳතා ප්‍රවර්ධනය කිරීම සහ ශක්තිමත් කිරීම මෙන්ම අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කලාපීය සහ බහු පාර්ශ්වික කරුණු පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීම අරමුණු කර ගනිමින් දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට මේ වන විට යෝජනා වී තිබේ. 

ඒ අනුව, දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳව වන අවබෝධතා ගිවිසුමක් ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර අත්සන් තැබීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

2 Comments

  1. දේශපාලන උපදේශන? ෆින්ලන්තයෙන්?

    ReplyDelete
Previous Post Next Post