පොල්තෙල් හා පාම් තෙල් මිල ඉහලට..

 


පාම් ඔයිල් මිල ඉහළ යාමක් මෙන්ම හිඟයක්ද වෙළෙඳපොළ තුළ පවතින බව බේකරි නිෂ්පාදකයෝ සඳහන් කරති.

මෙරට බේකරි නිෂ්පාදන කටයුතු සඳහා බහුතර පිරිසක් පාම් ඔයිල් යොදා ගනිති. මහා පරිමාණ ව්‍යාපාරිකයන් සිව් දෙනකු විසින් විදෙස් රටවල්වලින් පාම් ඔයිල් මෙරටට ගෙන්වා බෙදාහැරීම සිදුකරන බව බේකරි නිෂ්පාදකයෝ පවසති. වෙළෙඳපොළ තුළ රුපියල් 770 කට තිබූ ෆාර්ම් ඔයිල් කිලෝ ග්‍රෑමයක් මේ වන විට රුපියල් 870 දක්වා ඉහළ ගොස් ඇතැයි සඳහන් කරන බේකරි නිෂ්පාදකයෝ පාම් ඔයිල් මිල ඉහළ යාමට සාපේක්ෂව පොල්තෙල් මිල ද රුපියල් 20ක පමණ මුදලකින් ඉහළ ගොස් ඇතැයි ද කියා සිටියහ.

පාම් ඔයිල් වෙනුවට ඇතැම් බේකරි නිෂ්පාදකයන් සන්ෆ්ලවර් ඔයිල් භාවිතා කළද වර්තමානය වන විට වෙළෙඳපොළේ සන්ෆ්ලවර් ඔයිල් ද නොමැති බවද ඔවුහු කීවෝය.

මෙලෙස පාම් ඔයිල්, පොල්තෙල් මිල ඉහළ ගියද සන්ෆ්ලවර් ඔයිල් හිඟයක් තිබුණද වෙළෙඳපොළ තුළ පොල් තොග මිල රුපියල් 20 කින් පමණ පහත වැටී තිබීම පුදුමයට කරුණක් බවද බේකරි නිෂ්පාදකයෝ පෙන්වා දුන්හ.

ජූඩ් සමන්ත - පුත්තලම

Previous Post Next Post