GMOA වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් රට පුරා ඒකක 164ක වැඩ ඇණ හිටී...

 


රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය ආරම්භ කරන ලද වෘත්තීය ක්‍රියා මාර්ගය නිසා දිවයින පුරා රෝහල් වාට්ටු / ඒකක 164 ක වැඩ කටයුතු අකර්මණ්‍ය වී ඇති බව එම සංගමය සඳහන් කරයි.

විශේෂඥ වෛද්‍යවරුන් තමන් අනුයුක්ත කරන ලද රෝහලේ පමණක් විශේෂඥ සේවා සැපයීම සහ ඉන් පරිබාහිර විශේෂඥ වෛද්‍යවරු නොමැති රෝහල්වල සේවා රාජකාරි ආවරණය කිරීමෙන් ඉවත් වීම නිසා එලෙස පර්යන්ත රෝහල්වලට බලපෑමක්ව ඇත.

ඒ අනුව, උතුර, නැගෙනහිර ඌව පළාත්වල රෝගී සත්කාර ඇතැම් කටයුතු අකර්මණ්‍ය වී තිබේ.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා කොළඹ ජාතික රෝහලින් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන්ගේ ද අඩුවක් දක්නට ලැබිණි.

මේ අතර, සිය වෘත්තීය ගැටලු විසඳීම සඳහා රජය පාර්ශ්වයෙන් සාධනීය මැදිහත්වීමක් මෙතෙක් දක්නට නොමැති බව ජී.එම්.ඕ.ඒ. සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පැවසීය.

වෘත්තීය සමිතියක් ලෙස සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසඳා ගැනීමට රජයට යෝජනා කළ ද එවැනි උත්සාහයක් හෝ නොදකින බව වෛද්‍යවරයා අවධාරණය කළේ ය.

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් ප්‍රභාත් සුගතදාස මෙසේ ද කීවේය.

“මෙතැනදී වැඩි බලපෑමක් තියෙන්නේ පර්යන්ත රෝහල්වලට. කොළඹ තත්ත්වය වෙනස් ජාතික රෝහලේ ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඒ රෝහලේ විශේෂඥ වෛද්‍යවරු සෑහෙන පිරිසක් ඉන්නවා. ඉතින් ගැටලුව පර්යන්ත රෝහල්වලයි. උදාහරණයකට මඩකළපුව රෝහලේ සිටින නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා තව රෝහල් හතරක වගේ ආවරණ රාජකාරි කරනවා. එතකොට ඒ හතරම බිඳ වැටෙනවා. තව නැඟෙනහිර පොතුවිල් රෝහල ගත්තොත් රෝහලේ ඒකක අටක් පමණ බිඳ වැටෙනවා.

අනිත් කාරණාව තමයි උතුරු, නැඟෙනහිර, ඌව පළාත්වල විශේෂඥ වෛද්‍යවරුන්ගේ ලොකු හිඟයකුත් තියෙනවා. අපිට තියෙන ගැටලුව මේ බිඳ වැටෙන්නේ ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය. රජය පැත්තෙන් සාධනීය විසඳුමකට තවම මැදිහත්වීමක් දකින්න නැහැ. මේක සාකච්ඡා කරලා විසඳා ගන්න කියලා අපි දිගටම කියනවා. එහෙම උත්සාහයක්වත් දකින්න නෑ”

-රවිශාන් ප්‍රනාන්දු, නිමල් අල්ගෙවත්ත

2 Comments

  1. මිනිස්සුන්ගෙ සල්ලි වලින් ඉගෙන ගෙන මිනිස්සුන්ටම පාට් දාන එක සුදුසුද පුතේ?

    වෛද්‍ය වෘත්තිය ගරු සේවයක් හැටියට තමයි මගේ අම්මයි අප්පච්චියි දෙන්නම ඒ කාලේ කලේ. මම ආඩම්බර වෙනවා ඒ ගැන. මනුස්සකම් ගැන පොඩි කාලේ ඉඳන් මට ගුරුහරුකම් දුන්න එකට.

    ReplyDelete
    Replies
    1. මුං නිකං පුත්තු නෙමේ. හුත්තිගෙ පුත්තු.
      දැක්ක තැන ගූ ගහන්න ඕන.

      Delete
Previous Post Next Post