2026 විස්සයි -20 ලෝක කුසලානය යාපනයට රැගෙන ආ අවස්ථාවේදී යාපනය නල්ලූර් කෝවිලේ භාරකරුවන් හා කුසලානය රැගෙන පැමිණි සංවිධායකයන් අතර දැඩි නොසන්සුන්තාවක් හටගෙන තිබේ.
දකුණේ සිට නල්ලූර් කෝවිලට ගිය පිරිස කිසිදු විනීතභාවයකින් තොරව කෝවිල් භූමිය තුළ පාවහන් පැළැඳ එහා මෙහා යෑම නිසා මුලින්ම ඒ පිළිබඳව කෝවිලේ භාරකරුවන් විරෝධය පළ කර තිබේ. පසුව එම පිරිස කෝවිල පුරා ඡායාරූප ගනිමින් අවිනීතව හැසිරීම නිසා එක් පූජකවරයකු සංවිධායකවරුන් අතර සිටි දෙමළ ජාතිකයකුට “අපිට ඔය කුසලානයට වඩා දෙවියන් වටිනා නිසා ඔබලාට වටිනා කුසලානයත් රැගෙන මේ ස්ථානයෙන් පිටව යන්නැයි” පවසා ඇත.
පසුව දකුණේ පිරිස ඉතා විනීතව හැසිරෙමින් නල්ලූර් කෝවිල තුළ කුසලානය තබා නියමිත කාලය අවසන් වීමෙන් පසුව එය ආපසු රැගෙන ගොස් තිබේ.
නල්ලූර් කෝවිලට ඇතුළු වන ඕනෑම පිරිමි බැතිමතකු උඩුකය නිරාවරණය වන ලෙස කමිසය ගලවා කෝවිලට ඇතුළු විය යුතු අතර එය ප්රතික්ෂේප කළ පිරිසක් කෝවිලේ භාරකරුවන් සමග බහින්බස් වීම නිසා එම ස්ථානයේ යළි ඉතා උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබේ.
පසුව කෝවිලේ භාරකාර මණ්ඩලය ප්රකාශ කොට ඇත්තේ කෝවිලේ සංවරව හැසිරීමට අකැමැති කණ්ඩායම්වලට මින් ඉදිරියට කෝවිල තුළ කිසිදු කටයුත්තකට අවසර ලබා නොදීමට තීරණය කරන බවයි.
දිනසේන රතුගමගේ

ඔය දකුනේ පිරිස කිව්වට මේ ශම්මිගේ බෝන් අගේන් ඩොලර් පල්ලියේ (බෞද්දයන් සහ හින්දු බෑතිමතුන් බාගන්න ) උන්...උන්ට ඕනා මුලු ලන්කාවම ක්රිස්තියානි කරන්න ..............
ReplyDeleteතැනකට ගියාම ඉන්න ඕන විඳිය දන්නෙ නැති දකුණෙ අය නං ඉතිං ගිරවාපත්තුවේ මයිනහාමිගෙ චක් ගෝලයෝ තමයි
ReplyDeleteඑක නම් ඇත්ත කැලේ රීපු ජෙප්පෝ හයිවේ එකෙත් රිවේ ලපයගේ ජය සමරන්න
Deleteතැනකට ගියාම ඉන්න දන්න කටානායක ගැන කියන්න එපා.
Deleteදස මහා ගෝතයෝ
Deleteකොටාගෙ කතානායක නිලකාමරය ඇතුලෙ ඩ්රයිවර් ඉස්සරහ දනගැහුවෙ තැනකට ගියහම ඉන්න ඕන විදිහ ගැන දන්න හින්දද?
Delete