ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සජීව කනකරත්න මහතා සමඟ කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ සිදුකෙරෙමින් පවතින ප්‍රතිසංස්කරණ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.
මෙම නිරීක්ෂණ
චාරිකාව අතරතුර, කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ භාවිතා කරන මගීන් සහ කාර්ය
මණ්ඩලය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ සහ ඒ අවට පරිසරය සංවර්ධනය
කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ප්‍රතිසංස්කරණ
ව්‍යාපෘතියේ ප්‍රගතිය, ආරක්ෂක ලේකම්වරයාගේ නිරීක්ෂණයට ලක් විය.
මෙහිදී
ඉදිකිරීම්වල ගුණාත්මකභාවය, අදාළ ප්‍රතිසංස්කරණ කටයුතු නියමිත කාලරාමුවලට
අනුගත වීම, සමස්ථ ක්‍රියාවලිය
පුරාවට පවත්වාගෙන යනු ලබන උසස් ප්රමිතීන් මෙන්ම නිම කිරීමේ කටයුතු වල වත්මන් ප්‍රගතිය
පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කෙරිණි. ශ්‍රී ලංකා ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු
අධ්යක්ෂ ජෙනරාල්, එයාර් වයිස් මාර්ෂල් වජිර සේනාධීර විසින් ව්‍යාපෘතියේ ප්‍රගතිය
හා ඉදිරි කටයුතු පිළිබඳ සවිස්තරාත්මකව පැහැදිලි කිරීමක් සිදු කළේය.
නාගරික යටිතල
පහසුකම් නංවාලීම මෙන්ම පරිසරයේ පවිත්‍රතාවය පවත්වා ගැනීම තුළින් පොදු ජනතාවගේ
පහසුව ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් "Clean Sri Lanka" ජාතික වැඩසටහන යටතේ
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ ප්‍රතිසංස්කරණය
කිරීම මඟින් එහි යටිතල පහසුකම් සැලකිය යුතු ලෙස සංවර්ධනය කිරීම ඔස්සේ එම ස්ථානයට
පැමිණෙන මගී ජනතාවගේ සුවපහසුව ඉහළ නැංවීමටත්, නගරය තුළ පොදු
ප්‍රවාහන සේවයේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමටත් අපේක්ෂා කෙරේ.
දැනට එහි
සිදුකෙරෙමින් පවතින ප්‍රතිසංස්කරණ කාර්යයන් පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ ආරක්ෂක
ලේකම්වරයා, නියමිත
ගුණාත්මක ප්‍රමිතීන්ට අනුගත වෙමින් නිසි වේලාවට ව්‍යාපෘතියේ වැඩ අවසන් කිරීම සඳහා
අදාළ පාර්ශ්වකරුවන් සමඟ ඵලදායී සම්බන්ධීකරණයක් පවත්වා ගැනීමේ වැදගත්කම අවධාරණය
කරමින් අදාළ නිලධාරීන් වෙත අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය.
මෙම අවස්ථාවට
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා ගමනාගමන
මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.

ආරක්ශක ලේකම් මොකද්ද බස් ස්ටෑන්ඩ් එකේ කරන්නේ? තමන් කරන්න ඕන එකයි එපා එකයි හැම රෙද්දම කරන්න ඕන නෑනෙ. ස්ටෑන්ඩ් එක පේන්ට් කරන එක මහලොකු දෙයක් නෙමේ නේ.
ReplyDeleteitin uba mokda comment danne wimalayage puka hodan hitapan goma baiya
Deleteසම්පත් තුයියකොන්තා කියන්නේ දෙමළෙක්ද?
ReplyDeleteOW AMMA SINHALA TAHHA DEMALA
DeleteOW , EAY UNATA SHIRNATHI RAJAPAKSHAGE NANGIGE NAYDAYOOOO... EYAGE NANGIGE MINIHA DEMALEK
Deleteමේක හදපු මිනිස්සු වත් මෙච්චර ෂෝ දැම්මෙ නෑ
ReplyDeletepala do yanna. aduma tharamin anawasa welendan wath iwath karanna puluwan unada ubalage anduwata ?
Deleteitin ubdata pnada ubath gihin show akak dapan adaona baiya
Delete