ආණ්ඩුව ලොකු පනතක් අකුලාගනී...


පදිංචිකරුවන් ආරක්ෂා කිරීම සඳහා යෝජිත නව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩුව සිය ස්ථාවරය වෙනස් කරමින්, එය නැවත සමාලෝචනය කිරීමට තීරණය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අනාවරණය විය.

අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් රජය නැවත සලකා බැලීමට සූදානම් බව නීතිපතිවරයා අධිකරණයට ප්‍රකාශ කළේය.

ඉදිරි කාලසීමාව තුළදී අධිකරණ අමාත්‍යවරයා විසින් මෙහි සංශෝධිත පිටපතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා මෙහිදී තහවුරු කළේය.

රජයේ මෙම නව තීරණය හේතුවෙන්, පනතට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් 06ක් තවදුරටත් විභාග කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තපා ඇතුළු නීතිඥ මණ්ඩලය පෙන්වා දුන්හ.

ඒ අනුව, අදාළ පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසර ලබා දෙන ලදී.

3 Comments

  1. පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරු මේ ගැන ප්‍රශ්න කරන කොට, මුන්ගේ මහා ලොකුයි කියන පඩ ඇමටියා, මම මහා උගතා ලෙස පඩත්තර විදිහට උත්තර දුන්නේ. දැන් තේරෙනවනේ කවුද ගොනා කියල. මුන් වගේ ගොන්නුනේ දැන් ඇමට්ටියෝ වෙලා තියෙන්නේ

    ReplyDelete
  2. පුදන කොටම කාපි යකා

    ReplyDelete
  3. ඉස්සර නං පනත් ගෙනාවේ ඔලු පලල, කොඳු කඩල, පුකෙත් ඇරලා.
    පනත් ගේනකොට එක පාර හරියටම ගෙනාව නම් තමයි හොඳ. ඒත් අඩුපාඩු තියෙනව නං තාවකාලිකව අකුලගෙන වැරදි හරිගස්සල නැවත ඉදිරිපත් කිරීමයි හරි ක්‍රමය. නැතුව අරලියගහ මන්දිරේට ගෙන්නලා දණ ගස්සල, පයින් ගහල නෙමේ. මොලයක් ඇත්තෝ තේරුම් ගනිත්වා.

    ReplyDelete
Previous Post Next Post