‘වෙරිටේ රිසර්ච්’ට සල්ලි ගෙවා වැඩේ කරගන්න..- අධිකරණ ඇමති

 


මෑතකදී සිදු වූ නීතිඥවරයාගේ සහ ඔහුගේ බිරිඳගේ ඝාතනය සම්බන්ධයෙන් දැනටමත් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත විවාදයට එක්වෙමින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.

මියගිය නීතිඥවරයාගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් සිය ශෝකය පල කළ අමාත්‍යවරයා, මෙය ඉතා සාහසික ක්‍රියාවක් බවත් ඕනෑම පුරවැසියෙකුගේ ජීවිතයකට රජය එක හා සමානව වටිනාකමක් ලබා දෙන බවත් අවධාරණය කළේය. 

මෙම ඝාතනය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 12ක් පරීක්ෂණ පවත්වන බවත්, සිද්ධිය වී දින දෙකක් ඇතුළත ආයුධ, වාහන සහ ආධාර අනුබල දුන් පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත් ඔහු පෙන්වා දුන්නේය.

මෙහිදී විපක්ෂයේ ඇතැම් පිරිස් එල්ල කරන චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කළ අමාත්‍යවරයා, මෙම ආණ්ඩුව පාතාල කල්ලි පිටුපස සිටින බවට කෙරෙන ප්‍රකාශ බංකොලොත් දේශපාලන ක්‍රියාවන් ලෙස හැඳින්වීය. 

"මිනිස්සුන්ගේ ජීවිත උඩින්, ලේ සහ දුක මත දේශපාලනය කරන විපක්ෂයට මම කියන්නේ, 'වෙරිටේ රිසර්ච්' පර්යේෂණ ආයතනයට මුදල් ගෙවා හෝ තමන්ගේ මේ ක්‍රියාකලාපය ගැන ජනතාව මොකද හිතන්නේ කියලා සොයා බලන ලෙස" යනුවෙන් ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

කිසිවකුටත් දින දෙකකින් මැජික් පෙන්විය නොහැකි වුවත්, අපරාධකරුවන් නීතිය හමුවට පැමිණවීමට රජය සහ පොලිසිය අඛණ්ඩව කැපවී ක්‍රියා කරන බව අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා මෙහිදී සහතික කළේය

21 Comments

  1. ඇත්ත. මේ ආණ්ඩුව අතිශය සාධාරණයි.

    මයින - ගොන්ට මේ බලයත් එක්ක හිටිය නං මෙලහට සෙට් එකක් කොඳු කඩාගෙන, ඔලු පලාගෙන, මාධ්‍යවේදී එකෙක් දෙන්නෙක් සුදු වෑන්. IMF ලොක්කි එනකොට පිළිගන්න යන්නෙ වඩේ කුමාර. 🤣

    ReplyDelete
    Replies
    1. වෙරිටේ රිසර්ච්’ට සල්ලි ගෙවා ගේම් ගහන ජෙප්පෝ

      Delete
  2. බළලා පැන්නද මල්ලෙන් එළියට?

    ReplyDelete
    Replies
    1. නෑ මයින....

      Delete
    2. නෑ ටිං ටිං මයින 🤓

      Delete
    3. උඹල මයිනව ටින් කරලා තියා ගන්නද කල්පනාව? උම්බලකඩ කලොත් වැඩි කාලයක් තියා ගන්න පුළුවන් හැබැයි.


      ඩිලීට් ට කිව්ව නං මාලදිවයිනෙන් හපුයියෙක් ගෙනත් දෙයි වැඩේ ඉගෙන ගන්න. නාග ලෝකේ කොන්ටැක්ස් තියෙනව නෙ බුවාට.

      Delete
    4. වල පැත්තෙ ටිංටිං මයින වෙවුලන්න පටන්ගෙනල, පව්..

      Delete
  3. Mun thamai Muslim pathale meheyawanne and mun thamai hama jara wadakma karala Mainta danne

    ReplyDelete
    Replies
    1. එහෙමයි කියල නොදරුවො හිතාගෙන ඉන්නවා. 🤣

      Delete
    2. මොනව කරන්නද? නොදරුවො හදා ගත්තු පාණ්ඩුව නේ

      Delete
    3. මේක ඉතිං නොදරුවො දැන උගත් වැඩිහිටියෝ වෙනකං, ගොඩක් වෙලාවට ඊටත් පහු වෙනකං තියන එකම ආණ්ඩුව තමයි චූටි බබෝ.

      Delete
    4. සිහින ලොවක්.... දුටුවා...ද?

      Delete
  4. වෙරිටේ රිසර්ච් එකට ඔබ තුමන්ලා කීයක් ගෙව්වද කියලත් කිව්වනං සජ්ජලට කේවල් කරන්ට ලේසි වේවි

    ReplyDelete
  5. ඔව් ඔව් අපට ගොබ්බ මාලිමා රැජිණිගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මැජික් එක බලලා අහලා දැන් ඔක්කාරයට ඇවිත් තියෙන්නේ.please බුරු රැල දැන් ඉතින් T 56 ටිකක් ඵකතුකරගෙන කැලේ පනින්න පුහුණු වුනොත් හොඳයි නේද?

    ReplyDelete
  6. මු කට ඇරියොත් කියන්නෙ ගොන් කතාවක් තමයි.

    ReplyDelete
  7. ඔය කියන්නේ ලොකු පැටිත් එකොල්ලන්ගේ කියලා

    ReplyDelete
  8. This is a clear evidence that the government got the recent exaggerated approval rating by paying money to them

    ReplyDelete
  9. When so called Dr Harshana Nanayakkara opens his mouth he gets a FREE BATH

    ReplyDelete
  10. Height of stupidity Minister. Your slip is showing

    ReplyDelete
  11. meka neda age weiyraya film eke inne? Me kariya wela film ekak gahanawa athi me dawas wala. katha nayaka ekka muda kollo parak gahuwa kiwwe?

    ReplyDelete
  12. Dr ඩයිමයිනා ටින්ටින්February 21, 2026 at 6:38 AM

    නැගිටපල්ලා නැගිටපල්ලා
    අන්න කොමිස් ගහන්න ක්‍රමයක් ඇවිල්ලා

    ReplyDelete
Previous Post Next Post