සිසුන් පිරිසකට දණගස්වා පහර දී FB දමයි..

 


ගම්පොළ නව කුරුඳුවත්ත ප්‍රදේශයේදී එම ප්‍රදේශයේ පාසලක සිසුන් තිදෙනකු දණගස්වා සිසුන් කිහිප දෙනෙකු විසින් පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නව කුරුඳුවත්ත පොලිසිය විමර්ශන පවත්වයි.

නව කුරුඳුවත්ත ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන සිසුන් පිරිසක් මෙම පහරදීම කර තිබෙන බවට මේ වන විටත් හඳුනාගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග තොරතුරු අනාවරණය කළේය.

පහර කෑමට ලක් වූ සිසුන් තිදෙනා මේ පිළිබඳව මවුපියන්ට නොදන්නවා එය රහසක් වශයෙන් තබාගෙන සිටියත් මෙම පහර දීමේ සිද්ධියේ රූප රාමු සමාජ මාධ්‍යවල සැරිසැරීම නිසා මවුපියන් පහර කෑමට ලත් වන තම දරුවන් හඳුනාගෙන ඒ බව ඔවුන්ගෙන්ද විමසා පසුව පැමිණ පොලිසියට ඊයේ 16 පැමිණිලි කර ඇත.

කන්වලට පහරදීම නිසා කන් රිදෙන බව පැවසීම හේතුවෙන් පහර කෑමට ලක් වූ සිසුන් තිදෙනාට රෝහල් ගත වීමට අවශ්‍ය පොලිස් ලේඛන ලබාදුන් බව පොලිසිය කියයි.

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් පිරිසක් විභාග ප්‍රවේශ පත්‍ර ගැනීම සඳහා පසුගිය 13 වැනිදා එම විද්‍යාලයට පැමිණි අවස්ථාවේ කිසියම් කරුණක් මුල් කරගෙන ආරවුලක් හට ගෙන ඇති බව තියති.

පාසලෙන් පිටස්තර ප්‍රදේශයකදී එම ආරවුලට සම්බන්ධ බවට පැවසෙන සිසුන් තිදෙනෙකු තවත් සිසුන් පිරිසක් විසින් දණ ගස්සවා පහරදීමක් කර තිබෙන බව සමාජ මාධ්‍යයේ සැරිසරන එම රූප රාමු පෙළ පරික්ෂා කර බැලීමේදී පොලිසියට දැක ගැනීමට හැකිවී ඇත.

සිසුන් දණගස්සවා ඔවුනට අසභ්‍ය වචනයෙන් පවා බැණ වදිමින් පාසල් නිල ඇඳුමෙන් සැරසුණු සිසුන් කණ්ඩායමක් තම්මුල් පහරවල් එල්ල කරන අයුරු සමාජ මාධ්‍යයේ සැරිසරන එම රූප රාමුවල දක්නට ඇත.

ගම්පොළ කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දයාල් ඉලංගකෝන් මහතාගේ උපදෙස් මත නව කුරුඳුවත්තපොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණ වලදී සිසුන් තිදෙනා දණගස්සවා පහර දුන් බව කියන සිසුන් සිවු දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇත.

පහර කෑමට ලක් වූ සිසුන් තිදෙනා සහ එම සිසුන්ට පහර දුන් සිසුන් පොලිස් ස්ථානයට කැඳවා පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතය.

2 Comments

  1. ගොබ්බ ආණ්ඩුවක් ලබාදුන් ගොබ්බ පුරවැසියන්ගේ ගොබ්බ දරුවන් අද පුනරුදයේ මළගම වින්දනය කරන අයුරු දේශහිතෛෂී ගුණවත් පුරවැසියා නිහඬව බලා සිටී.

    ReplyDelete
    Replies
    1. Absolutely .... this is the type of cadre voted for the Kebara Kota's Govt,.

      Delete
Previous Post Next Post