ත්‍රිකුණාමල ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ ආගමික කටයුතු තවදුරට ත් සිදු කරන බව ත් මෙම විහාරස්ථානයට අයත් ඉඩම් හෝටලයක් ඉඳිකිරීම සඳහා පැවරීමට උත්සාහ කරමින් සිටින බව ත් බළන්ගොඩ කස්සප හිමියෝ අවධාරණය කළහ.
වර්තමාන ආණ්ඩුව ඉන්දියාව සමග ඇති කරගත් ගිවිසුම්වලට අනුව නැගෙනහිර පළාතේ ඉඩම් ඉන්දියාවට පැවරීමට උත්සාහ කරමින් සිටින බව ත් බෝධිරාජ විහාරස්ථානයේ ඉඩම ඉන්දීය ව්‍යාපාරිකයන්ට හෝටලයක් සකස් කිරීම සඳහා ලබා දීමට සැලසුම් කර තිබෙන බව ත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.
මෙම කටයුතු සිදුකිරීම සඳහා මහ සංඝරත්නය සහ හා බෞද්ධ ජනතාව බාධාවක් වී තිබෙන බව ත් මේ නිසා මහ සංඝරත්නය හා බෞද්ධ ජනතාව මර්දනය කිරීමට පොලිසියේ ඇතැම් පිරිස් හා ඇතැම් රජයේ නිලධාරීන් විවිධ කටයුතු සිදුකරමින් සිටින බව ත් බළන්ගොඩ කස්සප හිමියෝ අවධාරණය කළහ.
කොළඹ 07 බෞද්ධ මහ සම්මේලනයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ උන්වහන්සේ මෙසේද ප්‍රකාශ කළහ.
“සියම් දේශයේ සිට උපසම්පදාව රැගෙන ආ පුණ්‍ය භූමියට බුදු පිළිමයක් තැන්පත් කර බුද්ධ ආවරණයක් සකස් කිරීම වරදක් ලෙස සිතා ආණ්ඩුව කටයුතු කරනවා.
මෙම ස්ථානයේ කාන්තාවකට අයත් ජූස් බාර් එකක් තියෙනවා කියලා මඩ බළකායන් විසින් ප්‍රචාරය කරනවා. එත් ඇත්තම සිද්ධිය තමයි මෙම විහාරස්ථාන භූමියේ වෙළෙඳසලක් තියෙනවා. ඒක විධිමත් ක්‍රමයට බදු ලබා දීලා තියෙන්නේ. හැබැයි ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රිවරයෙකුට පාරෙන් එහා පැත්තේ කඩයක් තියෙනවා. විහාරස්ථානයේ සිද්ධියට මහ සංඝරත්නයට පහර දෙනවා. තර්ජනය කරනවා. රණවිරුවන් ජීවිත පූජාකරලා බේරාගත් භූමිය ගිවිසුම් හතක් යටතේ ඉන්දියාවට දෙන්න යනවා. ඒත් මහ සංඝරත්නය භූමිය රැක ගැනීම වෙනුවෙන් පෙනී සිටිනවා.
ජනාධිපති කියන්නේ තාවකාලික පාලකයෙක්. ඔහු දැන ගන්න ඕනෑ මේ භූමිය ආරක්ෂා කරලා මතු පරම්පරාවට දායාද කරන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඒ ගැන පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ සිංහල, මුස්ලිම් හා දෙමළ ජනතාව සමගියෙන් ජීවත්වෙනවා. එහේ කිසිම ජාතිවාදයක් නැහැ.
පැලවත්තේ මඩ බළකාය විසින් විවිධ මඩ ප්‍රචාරය කරනවා. හැබැයි මහා සංඝරත්නය එවාට නොසැලී කටයුතු කරනවා. මේ ආණ්ඩු විසින් සිංහලයාට බෞද්ධයාට කරන කුමන්ත්‍රණ නවතා දැමිය යුතුයි. එක් සිංහලයකුට පහර දෙන කොට වීර පුතුන් සිය ගණනක් මේ භූමියේ පහළ වෙනවා.
විහාරස්ථානයේ සිද්ධිය මුල් කර ගනිමින් මහ සංඝරත්නයට පහරදුන් පිරිස් සම්බන්ධයෙන් පැමිණිලි සිදුකරලා තියෙනවා. එත් ඒ පැමිණිලිවලට අනුව නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ. මේ සිද්ධිය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරලා ඉදිරි නීතිමය කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.”
ඉන්දික හේවාවිතාරණ
Mawbima
fake news. .. cnews editor should be arrested
ReplyDeleteOk
DeletePaw kassapaka himi
ReplyDeleteහැබැයි?
Delete