මුතුරාජවෙල ගොඩකරන්න අත යටින් අනුමැතිය..- අගරදගුරු

 


මුතුරාජවෙල තෙත්බිම් කලාපය තුළ සිදුවන අනවසර ඉදිකිරීම් සහ පද්ධතිය විනාශ වීම වැළැක්වීම සඳහා "මුතුරාජවෙල සංවර්ධන අධිකාරිය" නමින් විශේෂ බලතල සහිත ආයතනයක් පිහිටුවන ලෙස අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් රජයෙන් ඉල්ලා සිටිති. අගරදගුරු හිමිපාණන් මේ බව පැවසුවේ මුතුරාජවෙල තෙත්බිම් කලාපය රැක ගැනීම පිළිබඳව අද පෙරවරුවේ අගරදගුරු මැදුරේදී පැවැති විශේෂ සාකච්ඡාවකදීය.

මෙම සාකච්ඡාව සඳහා ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති මහින්ද ජයසිංහ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

මෙහිදී අදහස් දැක්වූ කාදිනල් හිමිපාණන් අවධාරණය කළේ මුතුරාජවෙල යනු සමස්ත පද්ධතියේම "පෙනහැල්ලක්" බඳු ස්වභාවික උරුමයක් බවයි. "ස්වභාවධර්මය කියන්නේ එකම පද්ධතියක්. ඒ නිසා ඒකට අත ගැහැව්වොත් ඒකේ ප්‍රතිඵල භයානක වෙන්න පුළුවන්," යැයි උන්වහන්සේ අනතුරු ඇඟවූහ. 

මෑතකදී ගම්පහ නගරය දෙවතාවක් ජලයෙන් යටවීමට ප්‍රධානතම හේතුව මුතුරාජවෙල කලාපය අවිධිමත් ලෙස ගොඩකිරීම බව උන්වහන්සේ පෙන්වා දුන්හ.

පසුගිය වසර 50-60 ක කාලය පුරා කර්මාන්තශාලා සහ විවිධ ව්‍යාපෘති සඳහා අසම්මත ලෙස ඉඩම් ගොඩකිරීම හේතුවෙන් මෙම තත්ත්වය උග්‍ර වී ඇති බවත්, දැනට ඉතිරිව ඇති ප්‍රදේශ පවා පිළිවෙලක් නැතිව සංවර්ධනය කිරීමට උත්සාහ කරන බවත් අගරදගුරුතුමෝ පැවසූහ. 

විශේෂයෙන්ම, රජයේ ඇතැම් ආයතන විසින් විවිධ පුද්ගලයන්ට සහ සංවිධානවලට "යටින්" අවසර ලබාදීමේ ප්‍රතිපත්තිය නිසා විශාල විනාශයක් සිදුවන බවට උන්වහන්සේ චෝදනා කළහ.

නීතිමය පදනමක් සහිත අධිකාරියක අවශ්‍යතාවය මුතුරාජවෙල තෙත්බිම් කලාපය සහ එහි ජල ප්‍රවාහන කටයුතු සම්බන්ධයෙන් පූර්ණ බලතල සහිත විශේෂ අධිකාරියක් පිහිටුවීමේ අවශ්‍යතාවය උන්වහන්සේ මෙහිදී යෝජනා කළහ. එම අධිකාරියේ අවසරයකින් තොරව කිසිදු ගොඩකිරීමක් හෝ ඉදිකිරීමක් කළ නොහැකි වන පරිදි ශක්තිමත් නීතිමය පදනමක් සකස් කළ යුතු බව උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.

ඉදිරි ක්‍රියාමාර්ග මෙහිදී අදහස් දැක්වූ මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේ මුතුරාජවෙල සම්බන්ධයෙන් පත්කළ විශේෂඥ අනුකමිටු වාර්තාව මේ වන විට ලැබී ඇති බවයි. 

එම වාර්තාව පිළිබඳව ඉදිරි කටයුතු සාකච්ඡා කිරීම සඳහා ලබන 17 වනදා පරිසර අමාත්‍යාංශය සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවද මෙහිදී අනාවරණය විය

8 Comments

  1. Replies
    1. වැටත් නියරත් ගොයම් කා නම්....February 6, 2026 at 8:16 AM

      මුගේ බලාපොරොත්තු ඔක්කොම ඉ‍ටු කරා මාලිමාව ඇවිත්, රටේ තනතුරු වලට කුරුස අන්තවාදීන් දැම්මා, බෞද්ධයො එලෙව්වා, ගෙවල් ගිනි තිබ්බා, මැරුවා. මෙයාලගේ දේශපාලන නායකයා වෙච්ච ප්‍රභාකරන් මරාදැමීමේ පලිය ගත්තා ඒ හමුදා නායකයො ඔක්කොම අද කුණු කූඩේ, හමුදාව කොටි පරාජය කරා කියලා වත් කියන්නේ නෑ කොටි ආණ්ඩුව. ආබාධිත රණවිරුවෝ නිදහස් දවසේ පෙලපාලියට ගෙන්නන්නේ නෑ, අනුරයට හමුදාවේ අයට රණවිරුවා කියන්න දිව නැමෙන්නේ නෑ. උන් නිකන් සොල්දාදුවො විතරයි.

      Delete
  2. රිටිගල ජයසේනFebruary 6, 2026 at 2:42 AM

    2600 වෙනි සම්බුද්ධ ජයන්තිය සැමරීම සඳහා නිදහස් චතුරශ්‍රයේ සවිකල බෞද්ධ කොඩිය ගැලවූ අනුර කුමාර ආණ්ඩුව මකබෑවෙලා සුන්නත් දූවිලි වෙලාම පල!

    ReplyDelete
    Replies
    1. ජනාධිපතිගේ ඇමති මණ්ඩලේ ඔක්කොම බෞද්ධ විරෝධී, බුද්ධ සාසන ඇමති ක‍තෝලික වෙච්ච කොට, සංස්කෘතික ඇමති මුස්ලිම් වෙච්ච කොට බෞද්ධ කොඩිය ගැන මොන කතාද යකෝ

      Delete
    2. උතුරේ පන්සල් වලට යෑම ජාතිවාදය නෙමේ, අනුර කියන පරයා දෙමළුන්ගේ පැත්ත අරන් දෙමළ ජාතිවාදය සිංහලයාට විරුද්ධව පතුරවනවා.

      Delete
  3. දැන් පාස්කු බෝම්බ අමතකද?

    ReplyDelete
    Replies
    1. මාලුවා ඇල්ලුවාට පස්සේ දැල මොකටද බං? රාජ්‍ය බලය මාලිමා කුරුස සෙට් එකට අරගෙන දීලා රටේ බෞද්ධ සංස්කෘතිය මෙච්චර සාර්ථකව විනාශ වෙද්දී ආපහු පාස්කු නාට්ටිය ඕන නෑනෙ. දැන් ඊලඟ පාස්කු දවසට බෝම්බෙට අහු වෙච්ච ගොං ‍රැලට ලස්සනට ඔතලා පුංචි තෑග්ගක් දීලා උම්ම එකක් දුන්නම උන් ඇන්දෙනවා. හැබැයි මේ බෞද්ධ විරෝධීන්ට එපා කියද්දීත් චන්දෙ දුන්න සිංහල බෞද්ධ යැයි කියාගන්නා උන්ට සාප වේවා! සාප වේවා !! සාපම වේවා!!!

      Delete
  4. පල්ලියේ පිල්ලිFebruary 6, 2026 at 7:56 AM

    ආ බොසා, මහමොලකරු නාඩගම නටන්නේ උඹේ පාහර කුරුස හැත්ත උඩ පු‍ටු වලට දාගන්න ඕන උනාම නේද? උඹයි උඹේ සුදු රෙදි හැත්තයි මේ රට කෑවා. බෞද්ධ කතා කියාගෙන මෝඩ ගමේ හැත්තව අන්දවාගත්තා. යටින් අන්‍යාගමීකරනය යනවා, උඹලා ඇමතිලාට කියලා අධිකරනයයෙයි, ආයතන වලයි තනතුරු වලට උඹලගේ පාහර හැත්ත පුරවා ගත්තා. දැන් අර කලින් පුරුදු විදියට කොටින්ට වෙනම බලය දෙන්න වැඩපිලිවෙල යටින් ගානට යනවා නේ.

    ReplyDelete
Previous Post Next Post