පවත්නා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පරාජය කළ යුතු බවත්, එම ප්‍රතිසංස්කරණ විශේෂඥ කමිටුවකට යොමු කළ යුතු බව හිටපු අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවා පිළිගෙන ඇති බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශ කළේය.
කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලේකම්වරයා මෙසේද පැවසීය:
"අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විශේෂඥ කමිටුවක් වෙත යොමු කළ යුතු බව හිටපු අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කර තිබෙනවා. එම කරුණ ප්‍රකාශ කිරීමට තරම් කොන්දක් එවකට අමාත්‍යවරයාට තිබුණා. මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පරාජය කිරීමේ අවශ්‍යතාවය අප අවධාරණය කරනවා"
මෙම සම්මන්ත්‍රණය සඳහා වෘත්තීය සමිති නියෝජිතයින් සහ අධ්‍යාපන ක්ෂේත්රයේ ප්‍රවීණයන් රැසක් සහභාගී වී සිටියහ.

The war against terrorism could never have been won if not for MR bros coordination since SF was fighting a separate war among his own colleagues ...........!
ReplyDelete