කතානාකගේ වංචා දුෂන රැසක් පාර්ලිමේන්තුවේ හි. නි. ලේකම් හෙලි කරයි.. පිටු හතක පැමිණිල්ල ඇමුණුම් තොගය මෙන්න..


ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වර්තමාන කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා තම නිල බලය අනිසි ලෙස භාවිතා කරමින් වංචා හා දූෂණ රැසක් සිදුකර ඇති බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත විධිමත් පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ. 

පාර්ලිමේන්තුවේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම්වරයෙකු වන ජී.කේ.ඒ. චමින්ද කුමාර කුලරත්න මහතා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

මෙම පැමිණිල්ල මගින් 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේ ගැනෙන බරපතළ විෂමාචාර ක්‍රියා කිහිපයක් පිළිබඳව කරුණු අනාවරණය කර තිබේ.

  • කථානායකවරයාට හිමි නිල වාහන දෙක වෙනුවට රථ වාහන තුනක් භාවිතා කිරීම සහ වෑන් රථයක් පෞද්ගලික පරිහරණයට යොදාගනිමින් රජයට මූල්‍යමය පාඩුවක් සිදු කිරීම.
  • කථානායක ධූරයට අදාළ ඉන්ධන දීමනාවට අමතරව, පොලොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු ලෙස ද නීතිවිරෝධී ලෙස ඉන්ධන දීමනා ලබාගැනීම හරහා රුපියල් ලක්ෂ විස්සක පමණ (රු. 2,000,000/-) රජයේ මුදල් අවභාවිත කිරීම.
  • පාර්ලිමේන්තු මාධ්‍ය අංශයට අයත් කැමරා සහ උපකරණ තම පෞද්ගලික ප්‍රවර්ධන කටයුතු සඳහා යොදාගැනීම සහ රජමල්වත්ත නිල නිවසට අමතරව කොළඹ 04, ලොරිස් පටුමඟ පිහිටි තවත් නිල නිවසක් අනීතිකව පරිහරණය කිරීම.
  • කථානායකවරයා සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා නියමිත ගාස්තු ගෙවීමෙන් බැහැරව පාර්ලිමේන්තු ගිණුම මගින් දිවා ආහාර පහසුකම් ලබාගැනීම.
  • තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත යටතේ සිවිල් ක්‍රියාකාරීන් ඉල්ලා සිටි තොරතුරු ලබාදීම බලහත්කාරයෙන් වැළැක්වීම.

පැමිණිලිකාර කුලරත්න මහතා පවසන්නේ, කථානායකවරයාගේ මෙම දූෂිත ක්‍රියාවන්ට එරෙහිව තමා වරින් වර කරුණු පෙන්වා දුන් බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස තමා කෙරෙහි වෛරී සහගතව කටයුතු කරමින්, නීතිවිරෝධී ලෙස විමර්ශන නිලධාරියෙකු පත් කර තමාගේ වැඩ තහනම් කිරීමට කථානායකවරයා කටයුතු කර ඇති බවට ඔහු චෝදනා කරයි. මෙම විමර්ශන නිලධාරියා සඳහා රජයේ චක්‍රලේඛ උල්ලංඝනය කරමින් රුපියල් 274,975/- කට අධික මුදලක් ගෙවීමට ද කටයුතු කර ඇති බව මෙහිදී අනාවරණය කර ඇත.

මෙම දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් සහ ඊට ආධාර අනුබල දුන් පුද්ගලයින් පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙසත්, 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 74 සිට 78 දක්වා වගන්ති ප්‍රකාරව තමාට 'තොරතුරු හෙළි කරන්නන්ගේ රැකවරණය' (Whistleblower Protection) ලබාදෙන ලෙසත් පැමිණිලිකරු අල්ලස් කොමිසමෙන් ඉල්ලා සිටියි.

මෙම පැමිණිල්ලේ පිටපත් නීතිපතිවරයාට, ජනාධිපති ලේකම්වරයාට සහ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව වෙත ද යොමු කර තිබේ.


9 Comments

  1. පච කිච ද්‍රෝහී හොරු රෑල ජෙප්පෝ ......

    ReplyDelete
  2. මාලිමාව කවදාවත් හොරකම් කරන්නේ නැහැ කියලා හෑලි කියවපු එවුන්ට දැන් චූ යනවා ඇති. උපාසක බළල්ලු මීයෝ දෙන්න දෙන්න අල්ලනවා කියන්නෙ නිකමට යැයි?

    ReplyDelete
    Replies
    1. උපාසක බලල්ලු නෙවෙයි ගල්කටස් පචෝරිස් හිවල්ලු

      Delete
  3. කෝ මේ ඩෝබිලා.. කතානායක තුමාගේ අමුඩේ රීපු එකා හොයාගෙන ඌව දඬුකඳේ ගහලා අමුඩේ හෝදලා දාන්ඩ.

    ReplyDelete
  4. ලැජ්ජයි ලැජ්ජයි අපේ dobi මල්ලිලා උඹලා මේක හෝදන් නේ කොහොමද?දෑන් එන්න කියපන් සිරස ලිංගික උපකරණ ය වන Omaya ට හෝදන්න කියපන් ලැජ්ජ නැති ගෑනි ට අර කත්නොරුවෙ චින පල්ලිය ගෙන් අහපන් චිනයේ මේ වගේ වංචා කලා ම දෙන දඬුවම මොකද්ද කියලා මොකද ඌ දැන් අපේ මෝඩ බෞද්ධ යන් ට කියන්නේ කොමියුනිස්ට් චිනයේ ගුන නේ.කොමියුනිස්ට් ඒකාධිපති රට උට හොඳයි ලු දැන් උඹ කියපන් කතෝ චිනය මේ වගේ උන්ට කරන්නේ මොනවද කියලා උඹගෙ ඔය හින් නුල් මොළ සෝදන බණ වල දී

    ReplyDelete
  5. Dan Ubala Nadu Ahala Ewarath Karala Daduwan Ehemath Dunna da? Ane buru rala ...Owa thama accusations only.. You will see there is nothing in it in future...What about his flase qualifications claimed to justify his post..No sound?

    ReplyDelete
    Replies
    1. Hey dhobi, your washing is very unsuccessful. Still very stinky

      Delete
  6. සම ලින්ගික මල් පැල.

    ReplyDelete
  7. මුගේ වාහන ගැනත් වත්කම් ගැනත් සොයා බැලිය යුතුය .මුත්තලාගේ ගෝලයෝ රාජ්‍ය ආයතනන වලින් නෙරපා දැමීමෙන් මාලිමාව ‍රැකගනිමු!

    ReplyDelete
Previous Post Next Post