රට පුරා රිළා රැදවුම් මධ්‍යස්ථාන.. රිදවියන්ට වඳ සැත්කම්..

 


වනසතුන්ගෙන් සිදුවන බලපෑම් පාලනය කිරීමේ නව පියවරක් ලෙස, දිවයිනේ ප්‍රථම වඳුරු රැඳවුම් මධ්‍යස්ථානය මාතලේ දිස්ත්‍රික්කයේ කළුගඟ ජලාශය ආසන්නයේ ඉදිකිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

වනජීවී සංරක්ෂණ නිලධාරී චමත් ලක්ෂ්මන් පෙරේරා මහතා සඳහන් කළේ අක්කර 150ක භූමි ප්‍රමාණයක මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමට නියමිත බවයි. මේ සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිර්දේශය සහ මාතලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ අනුමැතිය හිමිව තිබේ.

"මෙම මධ්‍යස්ථානයෙන් සතුන් නැවත පරිසරයට මුදා නොහැරෙන පරිදි දැඩි ආරක්ෂිත ක්‍රමවේද යටතේ මෙය ඉදිවනු ඇත. තෝරාගත් ප්‍රදේශය තුළ සතුන්ට අවශ්‍ය ස්වභාවික ආහාර පවතින අතර, අවශ්‍ය වුවහොත් අතිරේක ආහාර හා ජල පහසුකම් සැපයීමට ද කටයුතු යොදා ඇත. මෙහි මූලික අරමුණ වන්නේ මාතලේ නගරය ආශ්‍රිතව මහජනතාවට දැඩි පීඩා පමුණුවන වඳුරු රංචු ආරක්ෂිතව අල්ලා මෙම මධ්‍යස්ථානයට යොමු කිරීමයි."

වඳුරු ගහනය පාලනය කිරීම සඳහා විද්‍යාත්මක ක්‍රමවේදයක් ලෙස ගැහැණු සතුන්ගේ ගර්භාෂය තුළ තැන්පත් කරන කුඩා ප්‍රමාණයේ උපත් පාලන ලූප (Loops) භාවිත කිරීමට ද පියවර ගැනේ. දේශගුණික සාධක මත සතුන් පළාත් අතර හුවමාරු කිරීමේ දුෂ්කරතා පවතින බැවින්, ඉදිරියේදී දිවයිනේ පළාත් නවයම ආවරණය වන පරිදි මෙවැනි මධ්‍යස්ථාන නවයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව ද හෙතෙම සඳහන් කළේය.

මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන අතර, මාතලේ නගරයේ පීඩාකාරී සතුන් පමණක් මෙහි රඳවනු ඇත. රක්ෂිත ප්‍රදේශවල වෙසෙන සතුන් ඔවුන්ගේ ස්වභාවික පරිසරයේම රඳවා ගැනීමට කටයුතු කෙරේ. මැලේසියාව වැනි රටවල දැනටමත් සාර්ථකව ක්‍රියාත්මක වන මෙවැනි මධ්‍යස්ථාන ආදර්ශයට ගනිමින් ශ්‍රී ලංකාව තුළ ද මෙය පර්යේෂණාත්මක පදනමක් යටතේ ක්‍රියාවට නැංවේ.

2 Comments

  1. LGTB act hmmm well done JVP. Munta barida appa gahanna ugannanna

    ReplyDelete
  2. පාර්ලිමේන්තුවේ ඉන්න රැදවියන් ටිකත් අරන් ගහින් ඕකට දාපන්

    ReplyDelete
Previous Post Next Post