ඩේසි ආච්ච්ගෙන් කට උත්තර ගෙන ඇත්තේ ඩිමෙන්ෂියා හැදී රෝහල් ගතව තිබියදී


ඩේසි ෆොරස්ට්ගෙන් මැණික් මල්ල ගැන කට උත්තර ලබාගෙන ඇත්තේ ඩිමෙන්ෂියා සඳහා ප්‍රතිකාර ලබමින් සිටියදී බව හෙළි වී ඇත.

යහපාලන සමයේදී මෙසේ ඩේසි ෆොරස්ට්ගෙන් කට උත්තර ලබාගෙන ඇත.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා සිටි යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් එම නඩුවෙන් නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (25) නියෝග කළේය.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

විත්තිකාර ඩේසි ෆොරස්ට් නඩු විභාගයකට මුහුණදීමට සුදුසු මානසික තත්ත්වයක නොමැති බවත්, ඒ අනුව ඇය නිදහස් කරන ලෙසත් ඇයගේ නීතිඥවරු මීට පෙර අධිකරණය හමුවේ කරුණු දක්වා තිබුණි. 

ඒ අනුව අදාළ විත්තිකාරියගේ මානසික තත්ත්වය පිළිබඳව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා මාර්ගයෙන් වාර්තාවක් කැඳවීමටද විනිසුරුවරයා නියෝග කළේය.

5 Comments

  1. දොරලොක් හෝම්ලස් ලගේ වැඩ තමා

    ReplyDelete
    Replies
    1. සුරේස් සාලේ ලොකුම දේශද්‍රෝහියා මේ ආණ්ඩුව එක්ක ඩීල් දාන එකෙක්

      කියල පෝස්ට් වැටීමට තව දින දෙකයි... එකයි ......

      Delete
  2. JVP Karayo kolu karayo....

    ReplyDelete
  3. ආච්චි මැණික් මල්ල ගන්නකොට නං හොඳ කල්පනාවෙන් ඉන්න ඇති.
    ඔන්න ඕකයි ආච්චියෙ කියන්නේ මයිනො එක්ක නිදි වැදුනම නැගිටින්න වෙන්නෙ පිස්සන්කොටුවේ කියල

    ReplyDelete
  4. ඇත්තටම මේ ආච්චි අම්ම පවු.
    කාලකන්නි පවුලක් නිසා මේ මනුස්සය ජිවිතේ අන්තිම කාලේ විදෙව්වා.
    ආණ්ඩුවට බනින මිනිස්සු දකින්නේ නෑ, මේ නීතිය කොච්චර සාධාරණව මානුෂීයව හැසිරෙනවද කියල.

    ඉස්සර නං මහින්ද මිනිහට ඕන තීන්දු නැති වෙනකොට අග විනිසුරොත් පයින් ගහල දොට්ට දැම්මේ. හම්මේ ඇති යන්තං ලංකාව උන්ගෙන් ගැලවුණා පරණ පිනකට

    ReplyDelete
Previous Post Next Post