මහින්ද-ගෝටා අත්අඩංගුවට ගනීදැයි සැකයෙන්..

 


හිටපු ජනාධිපතිවරැන් ගෝඨාභය රාජපක්ෂ මහතා හා මහින්ද රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සඳහා පාර කපමින් සිටින්නේද යන්න පිළිබඳව තමන්ට දැඩි සැකයක් පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසයි.

රටට හිතැති පුද්ගලයන් මෙලෙස අත්අඩංගුවට ගැනීමට සැලසුම් සකස් කරන අතරතුර, මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ ඊබ්‍රහිම්ගේ පුතා පිළිබඳව කතා නොකර ඊබ්‍රහිම්ගේ සියලු දේපළ නිදහස් කර ඔහුට ඕනෑ අයුරින් නිදහසේ කටයුතු කිරීමට ඉඩ දී ඇතැයි මන්ත්‍රීවරයා චෝදනා කළේය.

වත්මන් ජනාධිපතිවරයා වෙත පණිවිඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ ජනාධිපතිවරයා යනු මේ රටේ වසර පහක කාලයකට පත් වූ තාවකාලික භාරකරුවෙකු පමණක් මිස ස්ථිර භාරකරුවෙකු නොවන බවයි.

බලය නමැති "හැන්ද" අතට ලැබී ඇති මොහොතේ වැරදි තීන්දු නොගන්නා ලෙසත්, වැඩි දවසක් යන්නට මත්තෙන් එම හැන්ද නැවත තමන් වෙත ලැබෙනු ඇති බවත් හිටපු මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

එසේම, ජනාධිපතිවරයා වැරදි තීන්දු ගතහොත් එම බලයම ඔහුට එරෙහිව ක්‍රියාත්මක වනු ඇති බවටද හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා වැඩිදුරටත් අනතුරු ඇඟවීය

1 Comments

  1. සුපිරිම news එක අයටොල්ලා ගියාට පස්සේ අහන

    ReplyDelete
Previous Post Next Post