සති අන්ත දීර්ඝ නිවාඩුවට නුවඑළියේ සංචාරයක් සදහා පැමිණි විශාල පිරිසක් තම වාහනවලට ඉන්ධන ලබා ගැනිම සදහා නුවරඑලිය නගරයේ දිගු වාහන පෝලිම්වල රැදි සිටියහ.
නුවරඑලියේ සෑම ඉන්ධන පිරවුම්හළකම ප්‍රමාණවත් ඉන්ධන තොග තිබෙන බවත්, ඉන්ධන ඇනවුම්කල විට කොටගල ඛණිජතෙල් නීතිගත තෙල් ගබඩා සංකීර්ණයේ ඉන්ධන තොග බෙදාහරින බවයි ඉන්ධන පිරවුම්හල් හිමියන් කියා සිටියේ.
මේ අතර, සති අන්ත දීර්ඝ නිවාඩුව ගත කිරිමට නුවරඑලියට දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් පැමිණ ඇති බවත්, ඒ අනුව නුවරඑලියේ සියලුම සංචාරක හෝටල් සහ නිවාඩු නිකේතනවල කාමර එම සංචාරකයන් වෙන් කර ගෙන ඇති බවයි නුවරඑලිය සංචාරක හෝටල් සහ සේවා සපයන්නන්ගේ සංගමයේ සභාපති මහින්ද දොඩම්ප ගමගේ මහතා කියා සිටියේ.
- රංජිත් රාජපක්ෂ
