පසුගිය අරගල සමයේ විවිධ උද්ඝෝෂණ හා සිදුවීම් පාදක කරගනිමින් දහස් සංඛ්‍යාත පිරිසකට එරෙහිව පවරා ඇති නඩු සම්බන්ධයෙන් රජය සතු වගකීම ඉටු කරන ලෙස ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නව ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.
ජනාධිපතිවරයා අතීතයේ අරගල භූමියට පැමිණ, "කාටවත් එන්න දෙන්න එපා, ඔයාලත් එක්ක අපි ඉන්නවා" යනුවෙන් ලබාදුන් සෘජු පොරොන්දුව සිහිපත් කරමින්, මෙම නීතිමය ගැටලු විසඳීම සඳහා වූ විශේෂ යෝජනාවලියක් ඔහු මෙහිදී අනාවරණය කළේය.
ගාලු මුවදොර අරගලය කේන්ද්‍ර කරගනිමින් දැනට පවරා ඇති නඩු 32ක් සම්බන්ධයෙන් මනෝජ් නානායක්කාර මහතා සිය පළමු යෝජනාව ඉදිරිපත් කළේය.
ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය යන ස්ථානවලට බලහත්කාරයෙන් ඇතුළු වීම සම්බන්ධ නඩු හැර, සෙසු සියලු නඩු උද්ඝෝෂණවලට අදාළ නඩු බව ඔහු පෙන්වා දෙයි.
විශේෂයෙන්ම පොලිසියේ අණ නොතකා කටයුතු කිරීම සහ පොලිස් රාජකාරියට බාධා කිරීම වැනි චෝදනා යටතේ පවත්වාගෙන යනු ලබන මෙම නඩු, "පොදු මහජන කැළඹීමක්" යන පදනම මත පදනම්ව ඉවත් කරගැනීමට රජය වහාම ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතු බව ඔහු අවධාරණය කළේය.
ප්‍රාදේශීය මට්ටමින් සිදු වූ විවිධ සිදුවීම් සම්බන්ධයෙන් පුද්ගලයන් 2500කට අධික පිරිසක් නඩුවලට පටලවා ඇති බව නානායක්කාර මහතා මෙහිදී හෙළිදරව් කළේය. මෙම පිරිස නඩු සඳහා ඇතුළත් කර ඇත්තේ අදාළ ප්‍රදේශවල දේශපාලඥයන් විසින් ලබාදුන් පෞද්ගලික ලැයිස්තු අනුව බව ඔහු චෝදනා කරයි.
මෙම අසාධාරණ ක්‍රියාව හේතුවෙන් වසර හතරක පමණ කාලයක සිට අදාළ තරුණ තරුණියන්ට විදේශ ගමන් තහනම් පනවා ඇති අතර, පොලිස් සහතික ලබා ගැනීමට ඇති බාධා හේතුවෙන් ඔවුන්ගේ රැකියා සහ ජීවනෝපාය මාර්ග සම්පූර්ණයෙන් ඇහිරී තිබේ. මෙම මානුෂීය සහ දේශපාලන ගැටලුව විසඳීමට රජය සෘජුව මැදිහත් විය යුතු බව ඔහු පවසයි.
නානායක්කාර මහතා පෙන්වා දෙන්නේ, සියලු නඩුවලින් 'නීති විරෝධී රැස්වීම්' සහ 'පොදු චේතනාව' යන චෝදනා ඉවත් කිරීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතු බවයි. එවැනි තීරණයක් මගින් හුදෙක් උද්ඝෝෂණ පැවති ස්ථානවල පාරේ රැඳී සිටි සාමාන්‍ය මහජනතාව නඩුවලින් නිදහස් වනු ඇත.
අනතුරුව, ගිනි තැබීම් හෝ දේපළ විනාශ කිරීම් වැනි සැබෑ අපරාධ සිදුවූ ස්ථානවල (Crime Scenes) රැඳී සිටිමින් ඒවාට සෘජුව සම්බන්ධ වූ බවට සාක්ෂි පවතින පුද්ගලයන් සම්බන්ධයෙන් පමණක් සාක්ෂි සමාලෝචනය කළ යුතු බවත්, එම නඩු කඩිනමින් විභාග කර අවසන් කළ යුතු බවත් ඔහු යෝජනා කළේය.
අරගලය පැවති සමයේ මැයි 09 වනදා ජනාධිපතිවරයා අරගල භූමියට පැමිණ, "කාටවත් එන්න දෙන්න එපා, ඔයාලත් එක්ක අපි ඉන්නවා" යනුවෙන් කළ ප්‍රකාශය රකින ලෙස නානායක්කාර මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.
මෙම තරුණ පිරිස පාරට බැස අරගල කළේ පවතින ක්‍රමවේදයේ වෙනසක් සඳහා බවත්, ඔවුන් සම්බන්ධයෙන් කල්මරමින් සිටීම වෙනුවට සාධනීය මැදිහත්වීමක් සිදු කිරීම රජයේ යුතුකමක් සහ වගකීමක් බවත් නානායක්කාර මහතා අවධාරණය කළේය.
අදාළ දඬුවම් ලැබුණ දොළොස් දෙනා සම්බන්ධයෙන් නොමිලේ අභියාචනා කටයුත්තක් සිදු කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු බවද පැවසූ ඔහු එදා අරගල කරුවන්ට අරගල කරන්නැයි කීවා සේම අද එම අරගල කරුවන් වෙනුවෙන් අදත් පෙනී සිටින බවත් තව දුරටත් පැවසුවේය.
.jpeg)
මාතෘකාවට තියන එක නෙවෙයිනෙ අන්තර්ගතේ තියෙන්නෙ? ඇයි ඒ? ජෙපි news site වගේ වෙන්නෙ නැතුව තොරතුර හරියට ලියන්න.
ReplyDeleteඒ කියපු කතාවේ සාරාංශය තමා මේ මාතෘකාවේ තියෙන්නේ, එක්කෝ ඔයා මේක සම්පූර්ණයෙන් කියවල නෑ. නැත්නම් කියපු එක තේරිලා නෑ.
DeleteThree cheers to Mr. Nanayakkara. What you have said is absolutely correct. We cannot simply disregard the majority of those who protested in pursuit of systemic change. They struggled for a better Sri Lanka for everyone. Those who engaged in extreme actions should be addressed separately. We must also remember that some innocent individuals were prosecuted under the influence of the ruling party at the time. May you have the strength and courage to bring justice to the innocent people who continue to suffer for the sake of the country.
ReplyDeletesystem changed, hurray, first time Chief Scout Commissioner stands for system change
DeleteOkey dokey
DeleteExactly, we need people to k*l 159 and burn their houses also right? 😂🤣😆😭😂
DeleteIts shameful for scouts to have a political goon as their top man . Never before in Sri Lankan history we had a guy like this not to mention there areso many peoole with more credits and experience to hold this position this is politiciing scounts movement by jvo government .Scouts never takr sides nor tgey engaged in politics if tgey are holding ny position in the scouts movement .Liste to Sepal and Abhitha discussion on this it covers this mans qualification to hold this position SHAME SHAME SHAME
ReplyDeleteAre you tellin us killin Amarakeerthi cold blooded, on the main road, maha dawal is not a crime?
ReplyDeleteබාලදක්ශ ව්‍යාපාර යේ නිල හොබවන කිසිම කෙනෙක් දේශපාලනය කරන්නේ නෑ මේ පුද්ගලයා පත් කරේ ජනාධිපති ඔහුගේ සුදුසුකම් වලට වඩා බොහෝ සුදුසුකම් තිබෙන විශාල පිරිසක් ඉන්නවා මර් නිලය හොබවන්න මේ රටේ ආණ්ඩුව මොන තරම් රටේ හැම තැනකටම තමුන්ගේ හෙන්චයි දමන වද කියලා පී පැහැදිලියි මේ ඒකාධිපති ගමනක් යන්න වෙන සූදාන මේ තවත් එක් පියවරක් බාලදක්ශ ව්‍යාපාර යේ කිසිම කෙනෙක් දේශපාලනය කතා කරන්නේ නෑ එය නිර් දේශපාලන ව්‍යාපාරය ක් ම පුද්ගලයා බාලදක්ශ ව්‍යාපාරයට ම කරන්නේ විශාල හානියක් මිනිස්සු මින් පසු බාලදක්ශ ව්‍යාපාර ය ගැන වැරදි විදියට සිතයි අපේ දරුවන්ට මෙය මහා අපහාසය ක් වහාම මේ පුද්ගලයා බාලදක්ශ කොමසාරිස් තනතුරෙන් ඉවත් කර මීට වඩා විශාල සුදුසුකම් තිබෙන පුද්ගලයන් අතරින් කෙනෙක් පත් කරන්න බාලදක්ශ ව්‍යාපාර ය විනාශ කිරීමට අනුර ජනපති හවුල් වෙන්න ඒපා
ReplyDeleteWe shall collect gold to put in AKD'S mouth, for standing what he promised
ReplyDeleteAgain? You want collect gold? Old habits die hard.
Deleteමේ වැඩේ බාලදක්ෂ ව්‍යාපාරයට සම්බන්ධ වන්නේ කොහොමද? බාලදක්ෂ කොමසාරිස්ගේ වැඩ බාල දක්ෂ ව්‍යාපායට සම්බන්ධ ඒවා වියයුතු නේද?
ReplyDeleteබංගලාදේශ මැතිවරණයෙන් හිටපු අගමැති පුත‍්‍රයා 2/3කින් දිනයි... අරගලකරුවන්ට ආසන පහයි..
ReplyDeleteඔව්නේ. මමත් හිතුවේ අරගලකාරයො දිනයි කියලා. ඒ වුනාට ලංකාවෙ වගේ මී හරක් ඒ රටේ නෑනේ බලාගෙන ගියාම.
Deleteබාල යක්ශයා
ReplyDeleteඋඹල කවද හරි පරදින බව මතක තියාගනිල්ල.
ReplyDeleteDo you think we are still in 88/89
ReplyDeleteබාලදක්ෂයන් කියන්නේ දරුවන් නේද දෑන් ඔවුන් වෙනුවෙන් කටයුතු කරන නිලධාරින් දේශපාලන කතා කිරීම හරි ද ?මේ රටේ මේ වගේ දෙයක් කිසිම දවසක සිදුවෙලා නෑ නේද? ආණ්ඩුව මේ රටේ මරණ ස මි ති යේ ඉඳන් හැම ආයතනයම ජවිපෙ කාරණය කරනවා කියන්නේ මෙක නේද? මොහුට වඩා සුදුසුකම් තිබෙන අය බාල දක්ෂ කෝ මසාරිස් කමට සිටිත් දී මොහුට ඒ තනතුර දුන්නෙ මොහු jvp නිසාද
ReplyDeleteSomeone involved in the scout movement must report him to the World Organisation of the Scout Movement as what he says/does is against their principles and beliefs.
ReplyDeleteඵතකොට ඔබ කියනවා ජනපති මෙහෙම කිව්වා කියලා නේද?ඕක උසාවියට අනිවාර්යෙන්ම ලිඛිත ප්‍රකාශයකින්ම දෙන්න.13 වෙනියා ලෙස අනුර කුමාරත් ඵල්ලුම් ගහේ කරටියටම නග්ගවන්න පුළුවන් ඵතකොට.
ReplyDelete