මහව විවිධ සේවා සමුපකාර සමිතියේ මෑතකදී පැවති නිලවරණයට පොදු විපක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වූ චානක උදයකුමාර මහතා තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව තිබේ. තිස්නම්පළගම ප්‍රදේශයේදී මෙම සිදුවීම වාර්තා විය.
තම දරුවන් පාසලට ඇරලවා යතුරුපැදියෙන් යළි නිවස බලා එමින් සිටි උදයකුමාර මහතාට, තවත් යතුරුපැදියකින් හඹා ආ නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම පහරදීම සිදු කර ඇත. බරපතළ තුවාල ලැබූ ඔහු මේ වන විට මහව ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.
ජනවාරි 31 වැනිදා පැවති මහව සමුපකාර නිලවරණයේදී ජාතික ජන බලවේගය පරාජය කරමින් පොදු විපක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කළේය. එහිදී ප්‍රකාශිත ඡන්ද 100 න් පොදු විපක්ෂය ඡන්ද 82 ජාතික ජන බලවේගය ඡන්ද 18ක් ලබා ගත්තේය.
කෙසේ වෙතත්, ඡන්දය පැවති දින නාගොල්ලාගම මධ්‍යස්ථානයේදී මහව ප්‍රාදේශීය සභාවේ සභාපති සුමේධ හේරත් මහතා සහ චානක උදයකුමාර මහතා අතර උණුසුම් තත්ත්වයක් ඇති විය. එහිදී සභාපතිවරයාට පහර දුන් බවට එල්ල වූ චෝදනාව මත උදයකුමාර මහතා පොලිස් අත්අඩංගුවට පත්ව ඇප ලබා සිටි අයෙකි.
මෙම ප්‍රහාරය හුදෙක් අපරාධයක් නොව, මැතිවරණ සමයේ ඇති වූ ආරවුල්වල ප්‍රතිඵලයක් ලෙස සිදුවූ දේශපාලන පළිගැනීමක් බවට වින්දිතයාගේ ඥාතීන් චෝදනා කරති.
"මෙම ප්‍රහාරය පිටුපස නිසැකවම දේශපාලන හස්තයක් පවතිනවා," යැයි ඔවුහු සැක පළ කරති.
සිද්ධිය සම්බන්ධයෙන් මහව පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, සැකකරුවන් හඳුනා ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව උසස් පොලිස් නිලධාරියෙකු තහවුරු කළේය.

අපේ 87-91 ගල්කටස් තුවක්කු නෑ කියලා හිතන්න එපා....ඒවා තාම තිබෙනවා...අපේ තුවක්කු කරුවනුත් තාම ඉන්නවා ....මතක තියා ගනිල්ලා මාලිමාවට ජය
ReplyDelete