අයථා ලෙස රුපියල් කෝටි 1000 කට අධික දේපොළ රැස්කර ගත් හිටපු ඇමැතිවරයකුට එරෙහිව ළඟදීම නඩු පැවරීමට අල්ලස් කොමිසම සූදානම් වෙයි.
වසර 25 කට ආසන්න කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස සහ වසර 15 කට අධික කාලයක් ප්‍රධාන පෙළේ ඇමැති ධුරයන් කිහිපයක කටයුතු කර තිබෙන එම පුද්ගලයාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරීමට අල්ලස් කොමිසමේ නීති අංශය මගින් මේ වන විට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව අල්ලස් කොමිසමේ ඉහළ පෙළේ නිලධාරියෙක් ‘අරුණ’ට පැවසීය.
‘‘මෙම විත්තිකාර හිටපු ඇමැතිවරයා සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ වත්කම් විමර්ශන අංශයේ නිලධාරින් පුළුල් විමර්ශනයක් කළා. ඒ අනුව විත්තිකාර හිටපු ඇමැතිවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්, හිතවතුන් ඇතුළු විශාල පිරිසකගේ බැංකු ගිණුම් පරීක්ෂා කළා. ඇතැම් බැංකු ගිණුම්වල රුපියල් කෝටි ගණනින් මුදල් හුවමාරු වී තිබුණා. තවත් බැංකු සහ මූල්‍ය ආයතන කිහිපයක රුපියල් කෝටි ගණනින් මුදල් ආයෝජනය කර තිබෙන බව විමර්ශනයේදී අනාවරණය වුණා.
මෙම විත්තිකාර හිටපු ඇමැතිවරයාට සුඛෝපභෝගී නිවාස සහ වාහන රැසක් තිබෙන බවත් විමර්ශනයේදී අනාවරණය වුණා. ඊට අමතරව නිවාස සංකීර්ණවලින් ගත් අධි සුඛෝපභෝගී නිවාස මෙන්ම ව්‍යාපාරික ගොඩනැගිලි කිහිපයක් තිබෙන බවත් අනාවරණය වුණා. ඉතා වටිනා ඉඩම් රැසක් ද මෙම හිටපු ඇමැතිවරයා විසින් සිය හිතවතුන් යොදවා මිලදී ගෙන තිබෙන බව අනාවරණය වුණා. හිටපු ඇමැතිවරයා විසින් අයථා අන්දමින් උපයාගත් සියලු දේපොළවල වටිනාකම අල්ලස් කොමිසම මගින් ගණනය කිරීමේදී ඒවායේ වටිනාකම රුපියල් කෝටි 1000 ඉක්මවා තිබෙනවා. ඒ අනුව හිටපු ඇමැතිවරයාට ඉදිරියේදී නඩු පැවරීමට නියමිතයි’’ යනුවෙන් ද අල්ලස් කොමිසමේ පෙර කී නිලදාරියා වැඩිදුරටත් පැවසීය.
ඉෂාර රත්නකාර

wimal weerawansha da ?
ReplyDelete