ආණ්ඩුව රාජ්‍ය සේවය විනාශ කරනවා.. වහා වෙනස් නොවුණහොත් රට දැවැන්ත අවුලක..- චන්ද‍්‍රිකා


වත්මන් රජය රාජ්‍ය සේවය විනාශ කරමින් සිටින බවටත්, පවත්නා පාලන ක්‍රමය වහා වෙනස් නොවුණහොත් රට දැවැන්ත අවුලකට (Total Chaos) ඇද වැටිය හැකි බවටත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අනතුරු අඟවයි.

ඇය සිය නිල සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් අවධාරණය කරන්නේ, දශක දෙකක කාලයක් තිස්සේ පැවති අයහපත් පාලනය හේතුවෙන් රට දැනටමත් විනාශයට පත්ව ඇති බවයි.

හිටපු ජනාධිපතිනිය පෙන්වා දෙන්නේ වෘත්තීය මට්ටමේ කාර්යක්ෂම සහ අවංක රාජ්‍ය සේවයකින් තොරව රජයකට ක්‍රියාත්මක විය නොහැකි බවයි. එහෙත් වත්මන් රජය රාජ්‍ය සේවය විනාශ කර, ඒ වෙනුවට සුදුසුකම් හා පළපුරුද්දක් නොමැති තම පක්ෂයේ සාමාජිකයන් සහ ආධාරකරුවන් පත් කිරීමට උත්සාහ කරන බවට ඇය චෝදනා කරයි.

"දේශපාලන නායකයන්ට වසර ගණනාවක පළපුරුද්දක් හෝ වෘත්තීයභාවයක් තිබීම අත්‍යවශ්‍ය නොවේ, නමුත් ඔවුන් නොසැලෙන අඛණ්ඩතාවයකින් (Integrity) යුක්ත විය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදී රටක පාලනය ගෙන යාමට දේශපාලන නායකයන් වෘත්තීය රාජ්‍ය සේවය මත යැපිය යුතුය."

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පිළිබඳවද අදහස් දක්වමින් ඇය සඳහන් කර ඇත්තේ ඔහු අතිශයින්ම අවංක සහ ඉහළ වෘත්තීය මට්ටමක සිටින රාජ්‍ය නිලධාරියෙකු බවයි.

රටේ පාලනය බරපතල ලෙස පිරිහීම හේතුවෙන් ජනතාව "අරගලය" කරා යොමු වූ බවත්, ශ්‍රී ලාංකිකයන්ගේ දේශපාලන දැනුවත්භාවය මේ වන විට ඉහළ මට්ටමක පවතින බවත් කුමාරතුංග මහත්මිය පවසයි.

රට යළි ගොඩනැගීමේ විසඳුම පවතින්නේ ජනතාව අතේ බව පෙන්වා දෙන ඇය, පවතින තත්ත්වයේ බරපතලකම වටහාගෙන ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තීරණ ගැනීමට ජනතාව පෙළ ගැසිය යුතු බවත් අවධාරණය කර සිටියි.

7 Comments

  1. බිලියන 18 දල නය ගෙවාගන්න හිටපු උන්ට පව්

    ReplyDelete
  2. වෘත්තීය මට්ටමේ කාර්යක්ෂම සහ අවංක රාජ්‍ය සේවයකින් රට ගොඩනැගිය හැකිද? පරිපාලන සේවාවේ අය මේක කරන්න දෙයිද? හැම ලබ්බටම අත්සන ගහන්න හදාගෙන බොරු ඇඩ් දාන ක්‍රමය නැවැත්විය යුතු නැතිද? මෙම සේවාවේ අයට හොර පාරෙන් සියලු සැප අයිති කර ගෙන, බලන්න ගහගෙන තියන චක්‍රලේඛන දිහා. ඒ වාගේම හොරු සෙට් එක ඉන්නෙත් මෙතන, පරීක්ෂණ කරන්න එන්නෙත් ඒ අයගේ බැචාලා, හොරකමට සම්බන්ධ කිසිම රජයේ නිලධාරියකුට තනතුරු නොදිය යුතුයි

    ReplyDelete
  3. මුන්දට පේන්නෙ රාජ්‍යය සේවය විනාශ කර එක විතරයි.
    මුන් ඊට වැඩිය බරපතල විනාශයන් කරනවා සම්බුද්ධ සාශණයටයි, ජාතික ආරාක්ෂාවටයි.

    ReplyDelete
  4. මේකෙ මරුම කථාව තමයි පසුගිය දශක දෙකේදිම රාජ්‍ය පාලනය අකාරක්ෂම කරලා තියනවා කියන කථාව. ඒක මරු. හරියට මරු කියනවා වගේ. අම්මන්ඩි, ඒ දශක දෙකට තමන්ගෙ පාලන දශකයත් එකතු කරගන්න. එතකොට එකතුව දෂක තුනයි. මෙයාට වෙලා තියෙන්නෙ තමන්ගෙ වරිගයට කෙළවෙන එකේ දුක.

    ReplyDelete
    Replies
    1. රණවිරුවෝFebruary 11, 2026 at 5:35 AM

      මේ ගෑණිගෙ කාලයේ තමයි ශ්‍රී ලංකා යුධ හමුදාවට යුධමය වශයෙන් බරපතලම විදිහට හානිවුනේ. හරියට සැලසුම් නොකර දියත් කරපු ජය සිකුරු ක්‍රියාන්විතය හින්ද දාස් ගානක් වීරෝධාර රණවිරුවන් ට 
      දිවි පුදන්ඩ සිද්ධ වුනේත්, කෝටි ගාණක දේපල විනාශ වුනේත්, ප්‍රබල යුධ ටැංකි දෙකක් කොටින්ගෙ අතට ගියේත්. මුලතිව් යුධ හමුදා කඳවුරට කොටි ගහපු වෙලේ එක් දහස් හාරසිය ගනනකට වැඩිය හිටිය විරුවන්ගෙන් ඉතුරුවුනේ 74 දෙනයි. කොහොමද  ඒ කාලයේ හිටපු පූර්ණ බලතල සහිත සේනාධිනායිකාවගේ කෙරුවාව! 

      Delete
    2. වැඩේ තියෙන්නෙ ඒ කාලෙ හිටපු එවුන්ට මෙව්ව මතකත් නෑ, දැන් ඉන්න එවුන් මේව දන්නෙත් නෑ.

      Delete
Previous Post Next Post