සෝලා විදුලියට ගෙවන මුදල හොදටම පහලට..

 


සාලිය කුමාර ගුණසේකර

ලංකා විදුලි බල මණ්ඩලය විසින් සූර්ය බලාගාර හා කුඩා ජල විදුලි බලාගාරවලින් විදුලි ඒකකයක් මිලදී ගැනීමේ මිල අඩු කිරීමත්, සති අන්තයේ සහ රජයේ නිවාඩු දිනයන්හිදී විදුලිය මිලදී නොගැනීමත් නිසා එම විදුලි බලාගාර ඉදිකිරීමට බැංකුවලින් ණය ලබාගත් 150,000ක් පමණ අසීරුතාවට පත්ව සිටිනි.

සූර්ය බලයෙන් උත්පාදනය කරන විදුලි ඒකකයක මිල රුපියල් 37 සිට 27ක් දක්වා පසුගිය කාලයේ අඩු කළ අතර, එම ඒකකයක වර්තමාන මිල වන්නේ රුපියල් 17කි.

කුඩා ජල විදුලි බලාගාර සහ වහලය මත සවි කරන ලද සූර්ය පැනල සහ සූර්ය බලාගාර ඉදිකිරීමට වැයවන මුදලින් 70%කට ආසන්න ප්‍රමාණයක් බැංකු ණය වශයෙන් ලබා දෙයි.

ඒ අනුව මෙම ව්‍යාපෘති සඳහා 150,000ක් පමණ පිරිසකට බැංකු විසින් ණය ලබාදී ඇතැයි පැවසේ.

මෙලෙස බැංකු ණය ලබාගත් 360 දෙනකු පමණ සූර්ය බලාගාර පවත්වාගෙන යන අතර, ඔවුන්ටද විදුලි ඒකකයකට නිසි මිලක් නොලැබීම නිසා ණය ගෙවාගත නොහැකිව දැඩි අපහසුතාවට පත්ව සිටිති. සූර්ය බලයෙන් විදුලි මෙගාවොට් එකක් නිෂ්පාදනය කෙරෙන සූර්ය බලාගාරයක් ඉදි කිරීමේදී රුපියල් මිලියන 350ක වැනි මුදලක් වැය වන බව එම බලාගාර හිමියෝ කියා සිටිති.

ජල විදුලිය මගින් විදුලි මෙගාවොට් එකක් නිෂ්පාදනය කරන බලාගාරයක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 500ක පමණ මුදලක් වැය වන්නේය.

10 Comments

  1. POWER MINISTER TOLD IN THE PARLIAMENT THAT ELECTRICITY GENERATING COST IS GOING TO REDUCE IN NEXT 3 YEARS.
    Talk in action great.

    ReplyDelete
    Replies
    1. වෙයි වෙයි. අන්න වැඩි කරන්න ඉල්ලලා. ඩීසල් යුනිට් එක 85ට ගන්නේ. ඊලඟ සති 3 පායනකොට ජලාශ හිඳිලා කියලා හදිලි මිලදී ගැනීම් වලට දැන් ඉඳන්ම රෙඩි පිට ඉන්නේ මේ හොර හැත්ත. ඒක පිට දාලා බිල වැඩි කරනවා.

      Delete
  2. මම මේ පාර ලංකාවට ආවම මගේ අම්ම ඉන්න මහ ගෙදර සම්පූර්ණයෙන්ම Solar බලයෙන් වැඩ කරන්න සැකසුම් කලා. ගෙවන ගාන නම් වැඩක් නෑ, නමුත් දවල්ට Hybrid Inverter එකකින් 10kwh battery එකක් charge වෙනවා. මුළු රෑ වරුව ම ඒකෙන්. බිල 0 යි.

    පුළුවන් අය මෙහෙම කලා නම් වැඩේ ගොඩ. අපි ඕස්ට්‍රේලියාවේ නම් power wall එකකින් වැඩ ගන්නවා හොඳට.

    හැම දේම ආණ්ඩුව කරනකම්ම බලාගෙන ඉන්නැතුව තනියම ස්ව උත්සාහයෙන් දේවල් කරගන්න අපිට ඉගැන්නුවේ ලංකාව. දැන් අපි ඒ දැනුම පාවිච්චි කරලා හම්බ කරලා සැපවත් ජීවිත ගත කරන ගමන් ලංකාවේ ඉන්න අපේ ආදරණීයනුත් හොඳින් බලා ගන්නවා.

    ReplyDelete
    Replies
    1. Dobi, Achchige gedara power gana nema mey kiyanne, ROI(return of Investment)gana

      Delete
    2. පරට්ට ඩෝබි කාලකන්නි අපතයෙක් ඇවිත් මෙතන අපුල්ලනවා. ආණ්ඩුව කරන්නෙ නැතිව වෙන මොකා කරන්නද තක්කඩියො? අවුරුද්දකට ඩොලර් බිලියන 6ක තෙල් පුච්චනවා බලශක්තිය වෙනුවෙන්. තොට ඒව පේන්නෙ නැද්ද පාහරයා. ඇමති ඩීසල් බලාගාර වලින් රුපියල් 85 ගානේ යුනිට් එක ගන්නවා. සෝලාර් වලට රුපියල් 17යි. මොන පරට්ටයෙක්ද මූ. ‍තෝ වගේ උන් අහු වෙන්න එපා කියවගෙන ඇවිත්. ඊලඟ පාර ලයිට් බිල වැඩිවුනාම අහු වෙයන්කො උඹලව. අන්න එදාට යන්න රටක් හොයාගෙන තියාගනින්

      Delete
    3. බැටරි එක ලක්ශ 10යි හයිබ්‍රිඩ් ඉන්වර්ටරේ ලක්ශ 10යි. කිලෝ වොට් පහේ සිස්ටම් එකකට දැන් ගෙවන්න ඕන ලක්ශ 28ක් විතර පැනල් බැටරි එක්ක. කවදද කියාපන් ඔය ලක්ශ 28 ආපහු හම්බ කරන්නේ? අවුරුදු 10කින් ආපහු ඉන්වර්ටර් දාන්න වෙනවා. බැටරිත් එක්කම. එතකොට තව ලක්ශ 20ක් ලෑස්ති කරගෙන ඉන්න ඕන. උඹට ගමේ ගොඩයො අන්දන්න පුලුවන් උනාට හැම මිනිහම අන්දන්න බැරි බව මතක තියාගෙන හිටපන්. ගූගල් එකෙන් හොයාගෙන, ඕස්ට්‍රලියාවෙ කියන හද්ද ඩොටේ ලයිට් වත් නැති හරක් තමයි මේව අපුල්ලන්නෙ ඇවිත්.

      Delete
    4. ආච්චිට හාල් ගරන්න තමයි වෙන්නේ. 😂🤣😂🤣😆😭. මේ වගේ උන් තමයි මාලිමාවට ඡන්දෙ දුන්නේ. ඔසී වලත් feed in tarif හම්බෙනවා.

      Delete
  3. 10kwh battery එකේ මිළත් ඔය ගමනම සදහන් කලා නම් තමයි වටින්නේ.

    ReplyDelete
  4. පොහොසත් රටක් ලස්සන ජිවිතයක්February 7, 2026 at 6:15 PM

    Solar වලින් විදුලිය නිපවන කට්ටල සල්ලි ණයට අරගෙන සවි කලොත් හුප්පේ තමයි. නිකම් කොට්ටේ අස්සේ පුස් කකා තියෙන ලක්ස විස්සක් විතර තියනවම් ඔන්න ඔහේ එයින් එකක් සවි කලාට කමක් නැහැ. එත් අවරුදු දහයකින් විතර ලොකු රෙපයාර් එකක් බලාපොරොත්තු වෙන්න වෙනවා.

    එහෙම බැලුවම ලක්ස විස්ස බැංකුවේ දැම්මනම් එකේ පොලියෙන් විදුලි බිලත් ගෙවල තව කියක් හරි ඉතුරු කරගන්නත් තිබුණා

    ReplyDelete
  5. Mafia group of Electricity board and the Ministry is always discouraging the solar power production to run their private businesses. This is the sad truth.

    ReplyDelete
Previous Post Next Post