ඇල්පිටියේ ඝාතනයක්..


ඇල්පිටිය පොලිස් වසමේ පොල්ගස්වත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පොල්ලකින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා ඇල්පිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට ඇල්පිටිය පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත
.

මරණකරු වයස අවුරුදු 72 ක් වූ බටුවන්හේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඉඩම් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මරණකරුගේ සහෝදරයා විසින් පොල්ලකින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බවට සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇත.

ඝාතනයට සම්බන්ධ වයස අවුරුදු 77 ක් වන බටුවන්හේන ප්‍රදේශයේ පදිංචි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. ඇල්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

1 Comments

  1. ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් නොවේ

    ReplyDelete
Previous Post Next Post