රටේ සංවර්ධනය සහ ජාතික ප්‍රශ්න ගැන කතා කරනවා වෙනුවට දේශපාලනඥයන්ගේ පුද්ගලික ජීවිත සහ ලිංගික නැමියාවන් පිළිබඳව විවේචනය කිරීම දේශපාලන බංකොලොත්භාවයක ලක්ෂණයක් බව කතානායක ජගත් වික්‍රමරත්න මහතා පවසයි.
සිරස නාලිකාව සමඟ පැවති විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී ඒ මහතා මේ බව අවධාරණය කළේය.
ආණ්ඩුව සමලිංගික ප්‍රජාව ප්‍රවර්ධනය කරන බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අදහස් දැක්වූ කතානායකවරයා කියා සිටියේ, පුද්ගලයෙකුගේ පෞද්ගලික නැමියාවන් ප්‍රශ්නයක් කරගත යුතු නැති බවයි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හෝ සංචාරක කර්මාන්තය වැනි ක්ෂේත්‍ර මෙම මාතෘකාවට ඈඳා ගනිමින් සිදුකරන විවේචන පදනම් විරහිත බවත්, එවැනි බොරු දේශපාලනිකව වෙළඳපොළගත කළ නොහැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.
රටක් වශයෙන් අවධානය යොමු කළ යුතු සැබෑ ප්‍රශ්න ලිංගිකත්වය වැනි මාතෘකා වලට වඩා බෙහෙවින් ගැඹුරු බව පෙන්වා දුන් වික්‍රමරත්න මහතා, දරුවන්ගේ අධ්‍යාපනය, ජනතාවගේ දරිද්‍රතාවය, දූෂණය, මංකොල්ලකෑම් සහ මත්ද්‍රව්‍ය උවදුර වැනි ජාතික ප්‍රශ්න විසඳීම රජයේ මෙන්ම සියලු දෙනාගේම ප්‍රමුඛතාවය විය යුතු බව පැවසීය.
"යම් ගමනක් යන විට බල්ලන් බුරන සෑම අවස්ථාවකම නතර වී ගල් ගැසීමට ගියහොත් අපට අපේ ඉලක්කය කරා යාමට නොහැකි වෙනවා" යන වින්ස්ටන් චර්චිල්ගේ ප්‍රකාශය උපුටා දක්වමින් ඔහු කියා සිටියේ, පටු දේශපාලන විවේචන නොසලකා රට වෙනුවෙන් ඇති ඉලක්ක කරා ඉදිරියට යා යුතු බවයි.
ලෝකයේ සතුටින්ම සිටින රටවල් අතර ඉදිරියෙන් සිටින භූතානය වැනි රටවල් ආදර්ශයට ගනිමින්, ආර්ථික පොහොසත්කමට වඩා ආධ්‍යාත්මික පොහොසත්කම සහ නිවැරදි දැක්ම වැදගත් බව ඔහු ප්‍රකාශ කළේය.
"සමහර මිනිසුන් කොතරම් දුප්පත්ද කියනවා නම් ඔවුන් සතුව ඇත්තේ මුදල් පමණයි" යනුවෙන් බොබ් මාලේ කළ ප්‍රකාශය සිහිපත් කරමින් ඔහු පැවසුවේ මුදලට වඩා මනුෂ්‍යත්වය සහ ආධ්‍යාත්මික සුවය වටිනා බවයි.
තමන් වෛද්‍ය වෘත්තිය අතහැර දේශපාලනයට පිවිසියේ දූෂණයෙන් හා වංචාවෙන් තොර, ගුණගරුක ජාතියක් නිර්මාණය කිරීමේ අරමුණින් බවත්, එම ගමනේදී පවුලේ උදවිය සහ ජනතාව තමන්ට විශාල ශක්තියක් වන බවත් කතානායක ජගත් වික්‍රමරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය

සන්වර්දනයක් නෑනෙ රටේ. ඒකනෙ ඔයාගෙ ලොලිපොප් කන සිද්දිය වගේ ඒව තමයි අපිට කතා කරන්න ඉතිරි වෙලා තියෙන්නෙ.
ReplyDeleteEkane ..mun monaada karanne...
DeleteLolla doctor
Deleteනැමෙනවා විතරක්නම් කමක් නෑ, නැමෙන එකෙන් නතර වෙන්නෙ නැතුව මූ දනත් ගහලනෙ රියදුරාගෙ අංගජාතය උරන්නෙ.
ReplyDeleteලිංගික බංකොලොත්භාවය කමක් නැත්ද?
ReplyDeleteදේශපාලන බංකොලොත්භාවය/මුදලට වඩා මනුෂ්‍යත්වය සහ ආධ්‍යාත්මික සුවය /දූෂණයෙන් හා වංචාවෙන් තොර, ගුණගරුක ජාතිය/විශාල ශක්තිය KOHOMADA APE WACHANA SET EKA, AKD PARADAI, OKATA THAMAI API DUNNE 68 LAKASE
ReplyDeleteදරුවන්ගේ අධ්‍යාපනය, ජනතාවගේ දරිද්‍රතාවය, දූෂණය, මංකොල්ලකෑම් සහ මත්ද්‍රව්‍ය උවදුර වැනි ජාතික ප්‍රශ්න mata pissue
Deleteගලක් කපන්න දේසපාලනේටම එන්න වුනානෙ
ReplyDeleteYako, Kollo gahapan kathanayaka pattamen iwath wela. Tho lankawey thunwana puravasiya pako. Ratey du daruwanta adarshamath wenna barinam ubalata deshapalanaya nokara hitu. pacha kotagey gola bala set ekath maha eka wageyma boruwenma dawasa gewanawa.
ReplyDelete