සුරාබදු ආදායම් වැඩපිළිවෙළට සියලු වෘත්තීය සමිති එකඟ වේ..


 සුරාබදු ආදායම් රැස්කිරීම වර්ධනය කරගැනීම සඳහා  වන ඩිජිටල්කරණ සහ නව්‍යකරණ වැඩපිළිවෙළට සියලු වෘත්තීය සමිතිවල එකඟතාව පළ කර ඇත.

සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, වෘත්තීය සමිති නියෝජිතයින්, රාජ්‍ය ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශය සහ ජනධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතර පසුගිය 03 වනදා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡවේදී මෙම එකඟතාව පළ කෙරිණි.

සුරාබදු දෙපාර්තමේන්තුව තුළ කාර්යක්ෂමතාවය වැඩි කිරීමෙන්  ආදායම් රැස්කිරීම වර්ධනය කරගැනීම මෙම සාකච්ඡාවේ ප්‍රමුඛ අරමුණ විය.

ඒ සඳහා වූ ඩිජිටල්කරණ ක්‍රියාවලිය, නව ප්‍රතිසංස්කරණ හා නව්‍යකරණ  කටයුතු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරිණි.

ඩිජිටල්කරණය මගින් කාර්යක්ෂමතාවය වර්ධනය, මානව සම්පත් සංවර්ධනය හා නිලධාරීන්ගේ සුබ සාධන කටයුතු සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු විය.

සුරාබදු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් එම්. බී. එන්. ඒ. ප්‍රේමරත්න මහතා ඇතුළු එහි ජ්‍යෙෂ්ඨ නිලධාරිහූ සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ  සියලුම වෘත්තීය සමිති නියෝජිතයන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


Previous Post Next Post