ප්රතිසංස්කරණය කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය ගෘහ නිර්මාණ ශිල්පයේ සංකේතයක් පමණක් නොව යුක්තිය සාධාරණත්වය ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ නීතිය සාධාරණත්වය ශක්තිමත් වන සමාජයක් සදහා ජීවමාන සාක්ෂියක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
කොළඹ, අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය යටතේ නවීකරණය කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රය විවෘත කිරීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන්, අගවිනිසුරු ප්‍රිති පද්මන් සුරසේන, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර හා ශ්‍රී ලංකාවේ චීන තානාපති QI Zhenhong යන මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් (05) සිදු විණි.
එහිදී අදහස් පළ කරමින් නානායක්කාර මහතා මෙම අදහස් පළ කළේය.
ශ්‍රී ලංකාව සහ මහජන චීන සමුහාණ්ඩුව අතර පවතින දිගු කාලීන මිත්‍රත්වයේ ප්‍රතිඵලයක් වශයෙන් මෙරට නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා උපරිමාධිකරණ සංකීර්ණය ප්‍රදානයක් ලැබුණා. එහි ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් තාක්ෂණික සහ මුල්‍ය පහසුකම් වෙනුවෙන් චීන රජයට ස්තූතිවන්ත වෙනවා. මෙහි පළමු අදියර ලෙස පසුගිය වසරේ ජනවාරි මස 15 වැනි දින අභියාචනාධිකරණ කොටස අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීම සිදු කළා. ශ්‍රේෂ්ඨාධිකරණය යනු අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අවසාන ආරක්ෂකයා සහ අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පද්ධතියේ උච්චතමයා බව සඳහන් කළ යුතුයි. එහි ස්වාධීනත්වය අඛණ්ඩතාව මහජන විශ්වාසය සඳහා සහ යුක්තිය සාධාරණව ඉටු කිරීම අත්‍යවශ්‍යයි. මෙම ප්‍රතිසංස්කරණ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමටත් වඩා අපගේ අධිකරණය කෙරෙහි මහජන විශ්වාසය ශක්තිමත් කරන අපගේ සංකේතයක් බව සඳහන් කළ යුතුයි. ශක්තිමත් සහ ගෞරවණිය ශ්‍රේෂ්ඨාධිකරණයක් යනු සාධාරණ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ මුලික ස්ථානයක් බව අවබෝධ කර ගත යුතුයි.
නුතන ප්‍රජාතන්ත්‍රවාදය තුළ අධිකරණය යනු ප්‍රජාතන්ත්‍රවාදයේ හවුල්කරුවෙකු වන අතර, ආයතන ශක්තිමත් කිරීම සහ සමාජය පරිවර්තනය සදහා කාලය ගත වන අතර, නීතියට ගරු කිරීමේ සංස්කෘතියක් ගොඩ නැගීම වෙනුවෙන් රජයෙන් පුරවැසියන්ගෙන් ඉවසීම සාමුහික වගකීම අවශ්‍ය වෙනවා. මෙම ප්‍රතිසංස්කරණය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමකට වඩා එය, නීතිය හා සාමය ශක්තිමත් කිරීමට, නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීමට සහ අපගේ අධිකරණය කෙරෙහි මහජන විශ්වාසය ශක්තිමත් කිරීමට කැපවීම වැනි අපගේ දේශපාලන කැමැත්තෙහි සංකේතයක් බව සඳහන් කළ යුතුයි.
ශක්තිමත් හා ගෞරවනීය ශ්‍රේෂ්ඨාධිකරණයක් යනු ස්ථාවරත්වයේ, සාධාරණත්වයේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ පදනමයි. ප්‍රතිසංස්කරණය කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය ගෘහ නිර්මාණ ශිල්පයේ සංකේතයක් ලෙස පමණක් නොව යුක්තිය සාධාරණත්වය ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ නීතිය හා සාධාරණත්වය තුළින් ශක්තිමත් වන සමාජයක් සදහා කැපවීම පිළිබදව වු ජීවමාන සාක්ෂියක් වනු ඇතැයි ද අමාත්‍යතුමා සඳහන් කළේය.
මෙරට ජනතාවගේ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමේ හා යුක්තිය පසිදලීමේ ක්‍රියාවලියේ භෞතික සම්පත් සැපයීමට ශක්තියක් වෙමින් 1988 වසරේ දී සැප්තැම්බර් 17 වන දින අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණය ත්‍යාගශීලීත්වයක් ලෙස මෙරටට ප්‍රදානය කර තිබේ.
උපරිමාධිකරණ සංකීර්ණ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා 2021 දෙසැම්බර් 21 වන දින මහජන චීන සමුහාණ්ඩුවේ වාණිජ අමාත්‍යාංශය මෙරට අධිකරණ අමාත්‍යාංශය හා චීන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය අතර ගිවිසුම් අත්සන් කෙරිණි.
ගිවිසුම් ප්‍රකාරව යුවාන් මිලියන 240ක චීන රජයේ මුල්‍ය ආධාර යටතේ උපරිමාධිකරණ සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ කටයුතු 2023 අප්‍රේල් මස 23 වන දින ආරම්භ වු අතර, ඇස්තමේන්තු සකස් කිරීමේදී ව්‍යාපෘතිය සදහා වැය වන මුදල යුවාන් මිලියන 229 ක් වු හෙයින් පරිපූර්ණ ඇස්තමේන්තු මුල්‍ය ගිවිසුමකට නැවත වරක් අත්සන් කර තිබේ.
උපරිමාධිකරණ සංකීර්ණයේ නවීකරණ කටයුතු අවසන් බවට වු ගිවිසුමට අත්සන් කිරීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා සහ ශ්‍රි ලංකාවේ චීන තානාපති QI Zhenhong මහතා අතර සිදු විය. නවීකරණය කරන ලද උපරිමාධිකරණ සංකීර්ණයේ යතුර සංකේතාත්මකව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය විසින් අගවිනිසුරු ප්‍රිති පද්මන් සුරසේන මහතා වෙත භාරදීම ද මෙහිදී සිදු වුණි.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ජනාධිපති නීතිඥ, රොහාන්ත අබේසුරිය, නීතිපති ජනාධිපති නීතිඥ, පාරින්ද රණසිංහ, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්, ජනාධිපති නීතිඥ අයෙෂා ජිනසේන, පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය යන මහත්ම මහත්මීන් ඇතුළු, ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමන්ලා, අභියාචනාධිකරණ විනිසුරුතුමන්ලා, ජනාධිපති නීතිඥවරුන්, ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය, නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය, චීන කොන්ත්‍රාත් සමාගම නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

සුපිරි. දැන් මේකෙං නඩු අහගෙන අහගෙන ගිහිං මයින හැතිකරේ ඔක්කොමයි කජු පොන්ටියයි වැලිකඩ තල්ලු කලා නං ගොඩේ ගොඩ. ඒකට තමයි අපි ඉතාලියේ ඉඳන් ඇවිත් මහ ඡන්දෙට වැඩ කලේ.
ReplyDeleteපව් බං උඹ. බලන් හිටපං. කෙලපු කෙබර උන්ම දැන් නෑ කියනවා. උඹල තාම කෙබර ඔප්පු වෙයි කියල බලන් ඉන්නවා.
Deleteසුපිරි පෙර අය හදපුව අළුත්වැඩියාකරල කැබිනට්ටුව ගිහිං විවෘත කරනව. පෙර නායකයොන්ට වෛරකරන්න උගන්නපු එවුනුත් මොල හෝදගත්ත ඔලමොට්ටලයොත් ඉන්නකම් රටට අබ සරණයි
Deleteඋගන්ඩාවේ සල්ලි අපි ගේන්න ඕන නැද්දෝ........................... කෝ අර අරගල කාලේ රටින් පැන්නුවා කියපු ඩොලර් බිලියන 19? කෝ නාමල් ගෙනාපු ලැම්බොගිනි, කෝ රත්තරං අස්පයෝ? කෝ චිචීගේ රොකට් එකට ගියා කියපු ඩොලර් මිලියන 320?
Deleteඇති යන්තම්, ඉක්මනටම විශේෂ අධිකරණ ටික පිහිටුවල දූෂිතයන්ට නිසි ලෙස දඬුවම් නියම කිරීම කල යුතුය.
Deleteණයට රෙපෙයාර් කරලා ව්‍යූරත කරන්න ලජ්ජා නැද්ද?
ReplyDeleteඒවට ලැජ්ජ නෑ, 6 වසර පොතට වැල දාන්න ලැජ්ජ නෑ, ඒවගේ කවරේ දේදුනු සමලිංගික පාටින් ගහන්න ලැජ්ජ නෑ, කතානායක පාර්ලිමේන්තුවේ කාමරේ ඉඳන් වලත්ත වැඩ කරන්න ලැජ්ජ නෑ, පුංචි අම්මත් එක්ක නිදි වදින්න ලැජ්ජ නෑ, ගල් පැලෙන ගජ බින්න කියන්න ලැජ්ජ නෑ. පාර්ලිමේන්තු එන්නේ බොරු කියන්න කියලා කෙලින්ම කියන්නත් ලැජ්ජ නෑ, තමන්ගේම ආගම ජාතිය පහත් කරලා කතා කරන්න ලැජ්ජ නෑ,
Deleteපට්ට කථාව! ණයට ගත්ත සල්ලි වලින් ගෙන්නපු ආයුධ පෙන්නන්ඩ ලැජ්ජ නැද්දයි අහපු හිපාටුව දන්නෙ නෑ
Deleteඒ ගත්ත ණය ගෙවල ඉවරයි කියලවත්.
එන්න අපි දළදා මාළිගාවේ වැලි කොට්ට ගහල තායි බඩු කෑලි නටෝ නටෝ කාර් රේස් පදිමු අප්ප ගෙ සල්ලි වලින්
Deleteවැලි කොට්ට දාල කාර් රේස් පැදපු බව දැක්ක එකා දන්නෙ නෑ
Delete"මැරිච්ච මිනිහෙකුගෙ දතක් තියාගන ඒකට වන්දනාමාන කරන සිංහල බෞද්ධයො කියන්නෙ ගෝත්‍රිකයො කොට්ඨාශයක්" කියල බිමල් රත්නායක උතුම් දළදා වහන්සේට අපහාස කරපු බව.
අනේ බල්ලො බුදුරජාණන් වහන්සේ කවදාවත් දේශනා කලාද මගේ දතට වන්දනා මාන කරන්න කියලා? සෝ ධම්මං පස්සති, සෝ මං පස්සති කියල යි දේශනා කලේ. ගොඩක් උන් පන්සල් යන බෞද්ධයෝ, එන ගමන් වල් ඌරු මස් කෑල්ලක් කන්න, බොක වෙනකං බොන්න, බඩුවක් ගහන්න හොයන.
Delete