ළමා නිවාසයක දැරියන් තිදෙනෙක් රාත‍්‍රියේ කඩයක් කඩා හතලිස්දාහක ටොෆී චොකලට් සොරකම් කරති..


කළුතර වර්නන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ පිහිටි ආපනශාලාවකට ඇතුළු වී රුපියල් 40,000කට ආසන්න වටිනාකමකින් යුත් ටොෆී සහ චොකලට් ඇතුළු රසකැවිලි තොගයක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බාලවයස්කාර දැරියන් තිදෙනෙකු පොලිස් භාරයට ගෙන තිබේ.

මෙම අපරාධය සම්බන්ධයෙන් සැකකාරියන් ප්‍රදේශයේ ප්‍රසිද්ධ ළමා නිවාසයක නේවාසිකව සිටින අවුරුදු 13, 14 සහ 15 යන වයස් කාණ්ඩවල පසුවන දැරියන් තිදෙනෙකි.

ළමා නිවාසයේ සඟවා තිබියදී සොයාගත් ටොෆී, චොකලට්, ලොලිපොප් සහ පෙපර්මින්ට් ඇතුළු රසකැවිලි තොගයකි.

අලුයම 1.30ට පමණ ළමා නිවාසයෙන් රහසේ පිටතට පැමිණ ඇති මොවුන්, පොල්ලකින් ගසා අවන්හලේ වීදුරු බිඳ දේපළ පැහැරගෙන ඇත.

කළුතර දකුණ මූලස්ථාන පොලිසියේ අපරාධ අංශය විසින් ප්‍රදේශයේ ස්ථාපිත කර තිබූ ආරක්ෂක කැමරා (CCTV) දර්ශන සියුම් ලෙස නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙම පිරිස හඳුනා ගැනීමට සමත්ව තිබේ.

සිදුකළ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ, දැරියන් ළමා නිවාසයේ යතුර සොරකම් කර හොර රහසේ පිටවී මෙම සොරකම සිදුකර ඇති බවයි.

Previous Post Next Post