පුහුණුව ලබමින් සිටින කොස්තාපල්වරුන් දෙදෙනෙකු අතර ඇති වූ වචන හුවමාරුවක් උග්‍ර වීමෙන් ගුටිබැට හුවමාරුවක් සිදුව ඇත.
එහිදී එක් අයෙකු විසින් එල්ල කරන ලද තියුණු ආයුධ ප්‍රහාරයකින් අනෙක් නිලධාරියා රුධිරය වහනය වන තුවාල ලබා ඇත.
තුවාලකරු වහාම නාගොඩ ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර, ඔහුගේ තත්ත්වය සලකා බැලූ වෛද්‍යවරුන් වහාම ශල්‍යකර්මයකට භාජනය කිරීමට පියවර ගෙන තිබේ.
පහරදීම සිදුකළ බවට සැකකෙරෙන අනෙක් ආධුනික නිලධාරියාගෙන් ප්‍රශ්න කිරීම් මේ වන විටත් සිදු කෙරෙන අතර, ඉන් අනතුරුව ඔහු පොලිස් අත්අඩංගුවට පත්වීමට නියමිතය.
කළුතර දකුණ මූලස්ථාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
