පාර්ලිමේන්තු මහ ලේකම්ටත් පරීක්‍ෂණයක්...?

 


ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසය තුළ මීට පෙර කිසිදු දිනක කතානායකවරයා සහ පාර්ලිමේන්තු ලේකම් මණ්ඩලය අතර ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වී නොමැති බව සමගි ජන බලවේගයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

 පාර්ලිමේන්තුව අමතමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ වර්තමානය වන විට කතානායකවරයා සහ ලේකම් මණ්ඩලය අතර බරපතළ විරසකයක් නිර්මාණය වී ඇති බවයි. 

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්වරයා විසින් කතානායකවරයාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත්, මේ වන විට ඔහුගේ සේවය අත්හිටුවා ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තු මහලේකම්වරියට එරෙහිව ද පරීක්ෂණයක් ආරම්භ කිරීමට සූදානමක් පවතින බවට තමන්ට තොරතුරු ලැබී ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

කතානායකවරයාගේ වත්මන් ක්‍රියාකලාපය හේතුවෙන් සමස්ත විපක්ෂයේ මන්ත්‍රීවරුන් දැඩි කලකිරීමකට පත්ව සිටින බව මද්දුමබණ්ඩාර මහතා අවධාරණය කළේය.

පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය සහ ගෞරවය ආරක්ෂා විය යුතු මොහොතක, පරිපාලනයේ ඉහළම නිලධාරීන් සහ කතානායකවරයා අතර පවතින මෙම ගැටුම ප්‍රජාතන්ත්‍රවාදයට අහිතකර බලපෑමක් එල්ල කරන බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

2 Comments

  1. ඌරු මාලු බෙල්ලෙ එල්ලගෙන කන්න එපා කියලා කතාවක් තියෙන්නේ. කාගෙවත් පෞද්ගලික ජීවිතේ අපට වැඩක් නෑ. ඒ උනාට ගෙදර ගිහින් නිදන කාමරේ කරන වැඩ කන්තෝරුවෙ කරන එක හරි නෑ. අනික හොර මිනිහෙක්/ගෑනියක් නඩත්තු කරන එක තමුන්ගේ මුදලින් කරන්න ඕන. ඒක මහජන මුදලින් කරන එක කැතයි.

    ReplyDelete
  2. මට තේරෙන widiyata කථානායක ha සභානායක එක්කෙනෙක් ද.

    ReplyDelete
Previous Post Next Post