ලෝක බැංකු ආධාර මත ක්‍රියාත්මක වන දේශගුණ සුහුරුවාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය යටතේ, එළඟා කළමනාකරණ කමිටුවේ කාර්යභාරය පිළිබඳ අත්පොත එළිදැක්වීමේ උත්සවය කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි.
එහිදී අමාත්‍යවරයා අවධාරණය කළේ පෞද්ගලික සහ දේශපාලන අරමුණු වෙනුවෙන් විනාශ කර ඇති වැව් පද්ධතිය යළි සුරක්ෂිත කිරීමට දැඩි පියවර ගන්නා බවයි,.
වැව් පද්ධතිය පිළිසකර කිරීමේදී මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය වන්නේ වැව් ඉඩම් තුළ පදිංචි වී සිටින පිරිස් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. නීතිය හා නිලධාරීන් සිටියදී පවා දේශපාලන බලවතුන්ගේ වුවමනා එපාකම් මත වැව් පද්ධතිය විනාශ කරමින් හෝටල් වැනි පෞද්ගලික ඉදිකිරීම් සිදු කර ඇති බවත්, ඇතැම් නිලධාරීන් ද ඊට හවුල් වී ඇති බවත් ඔහු අනාවරණය කළේය.
ඇතැම් නිලධාරීන් වැව් මායිම් මැනීමේදී ආක්‍රමණිකයන්ට ඉඩ සලසමින් වැව් මායිම වෙනස් කිරීමට යෝජනා කළ ද, තමන් වැව් ආරක්ෂා කිරීමේ දැඩි ස්ථාවරයක සිටින බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
නීතිය ක්‍රියාත්මක කිරීමට ගියහොත් ඇතැම් විට "සුදු වෑන්" වැනි තර්ජනවලට පවා මුහුණ දීමට සිදු විය හැකි වුවත්, වැව් පද්ධතියේ විනාශය දෙස තවදුරටත් බලා සිටිය නොහැකි බව ඔහු අවධාරණය කළේය.
අනුරාධපුර නුවර වැව ආසන්නයේ සිය නිවස පිහිටා ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා, කුඩා කල සිට වැව් ආශ්‍රිතව හැදී වැඩුණු තමන්ට මිහින්තලේ වැනි පූජනීය ස්ථාන පිළිබඳව "මිහින්තලේ හාමුදුරුවන්ට වඩා ලොකු අයිතියක්" ඇතැයි හැඟෙන බව ද ප්‍රකාශ කළේය.
අටමස්ථානය සහ ඒ අවට පරිසරය තමන්ගේ ළමා කාලය ගෙවුණු ප්‍රදේශ බවත්, වැව් පද්ධතියේ විනාශය දෙස බැලීමේදී තම සිත රිදෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ වැව් පද්ධතියේ පැවැත්ම තීරණය කරන තීරණාත්මක බලවේගයක් ලෙස එළඟා කළමනාකරණ කමිටුවල වගකීම පැහැදිලි කරමිනි.

ඒ අයිතිය හොඳින්ම පාවිච්චි කළේ 88/89 කාලෙදි නේද
ReplyDeleteRanilda ?
DeleteAy jepponwa 50,000 meruwe?
ජෙප්පො පාඩුවෙ තමන්ගෙ වැඩවල නේ යෙදිලා හිටියෙ.
Deleteකලින් හිතන් හිටියෙ බාගෙට පිස්සු කියල. දැන්නම් තේරෙනවා හොඳටම පිස්සු කියල
ReplyDeleteමිහින්තලේ සින්නක්කර ඔප්පුව තොපි හොරකම් කෙරුවා ද?.
ReplyDeleteYes , ranil & mahinda have given fake “ ඔප්පුව”
DeleteTotally illegal
I was his complete speach
ReplyDeleteHe is true
Wrong english.Pl.check your enhlish before commenting.
Deleteමම ඔහුගේ සම්පූර්ණ කතාව වුණෙමි. ඔහු නිවැරදියි.
Deleteඅම්මපා...
ReplyDeleteඅයියයි නංගියි හැමිනිලා අපේ රට වනසන්න බිහිවෙච්ච ජේ.වී.පී. ත්රස්තවාදියා 🤮 තොට අනුරාධපුරය උතුම් පින් බිමේ පය ගහල ජීවත්වෙන්න ඉඩ ලැබුණේ තොගේ මහ එවුන්ගේ වලත්ත කම් නොඉවසූ ගම්මුන් ඒ ගමෙන් පන්නා දමපු නිසා නේද? දැන් තෝ මරු කියවන්නේ 😡🤮 අන්ත වනචාරී, හරි හමන් ජන්මයක් නැති, සල්ලාල, අඩු කුලේ, දේශ ද්‍රෝහී, ජාති ද්‍රෝහී, පරගැති, දෙලොවටම නැති, නියත නිරය උරුම කරගත්, බේබදු පාහර බල්ලා.🤮 මුන් අසාර්ථක බව පිලි අරගෙන කරන්න පුළුවන් කෙනෙකුට ඉඩදීලා පලයල්ලා කිව්වාට එහෙම යන එවුන් නෙවෙයි. මුගේ උපන් ගමෙන් පැන්නුවා වගේ මුන්ගේ ජේ.වී.පී. හැතිකරයම ගහලා රටෙනුත් පන්නා දැමීමට කාලය හරි 😡🤮
ReplyDelete
ReplyDelete“අනුරාධපුර නුවර වැව ආසන්නයේ සිය නිවස පිහිටා ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා, කුඩා කල සිට වැව් ආශ්‍රිතව හැදී වැඩුණු තමන්ට මිහින්තලේ වැනි පූජනීය ස්ථාන පිළිබඳව "මිහින්තලේ හාමුදුරුවන්ට වඩා ලොකු අයිතියක්" ඇතැයි ලාල් කාන්ත අමාත්‍යවරයා හැඟෙන බව ද ප්‍රකාශ කළේය.
සෑහෙන කාලයකින් සත්‍යවාදී වචන ටිකක් අහන්න ලැබීම ගැන සතුටු යි. ජනාධිපතිවරණ සමයේ පටන් දුන් පොරොන්දු පුස්සක් වී පොරොන්දු මල්ල නො වටිනා තත්වයට පත් වන අවස්ථාවක මෙවැනි වචන ඇසීමට දැකීමට ලැබීම අස්වැසිල්ලක් බව නො කියා ම බැරි ය.
මිහින්තලය යනු අතීතයේ අම්බස්ථල චේතිය ලෙස හා චේතියගිරි ලෙස මහා වංශයේ ද පාලි අටුවා ටීකාවල සඳහන් කර ඇත. මේ නම් දෙකම දීමට සාධාරණ හේතු ය. චෛත්‍ය ඇති ගිරි චේතියගිරි ය. සෑගිරිය යනු සිංහල වහර ය.
මේ සෑගිරිය යන ලැබීමට හේතු වූයේ සෑ බැදීම ය. සෑ බැඳුනේ මහ මිහිඳු හිමියන් වැඩීම නිසා ය. සම්බුදු දහම ලැබීම නිසා ය. මහ මිහිඳු හිමියන් වැඩීම නිසා හා වැඩ සිටිය නිසා මිහින්තලය විය. මිහිඳු මාහිමියන් වැඩීමට් පෙර මෙම සෑගිරිය ඝන වනාන්තරයකි . වනයේ සතා සිවුපාවුන්, අලි ඇතුන්, රිලා වඳුරු, ලෙහෙනුන්, දඬුලෙහෙනුන්, ගෝණුන්, මුවන් , විවිධ පක්ෂීන් , සිඟාලයන්, මී මින්නන්, ඉත්තෑවුන්, හා විෂඝෝර සර්පයනගේ වාසස්ථාන වීම ස්වභාවික ය. . ඒ කාලයේ සිටි සතා සිවුපාවුන්ට ද එහි උරුම කම් නැතයයි කාටනම් කිව හැකි ද? මහිඳු මාහියන් වැඩිය පසු දේවානම් පියතිස්ස මහ නිරිඳු අට සැට ලෙන් කරවා මිහිදු මාහිමියන් ඇතුලු මහා සංඝ රත්නයට පූජා කරන ලදී. මුල් උරුම කරුවන් අතරින් ඇතැමෙක් එම පූජාව අනුමෝදන් වන්නට ද ඇත්තාහ. ඇතැමෙක් තමාගේ මුල උරුම වාසස්ථාන අහිමි වීමේ සංතාපය, වේදනාව හෝ හිතේ නො හොඳ ඇති නො වුනායයි කිව හැකි ද? ඒ පරම්පරා උරුම ගැන කතා කිරීම කිසිම වරදක් අපට පෙනෙන්නේ නැත. එපමණක් නොව උරුම සිහි වීම පමණ ද? උරුම අහිමි වීමෙන් ජන්මාන්තර වෛර කම් ද ඇති විය හැක. අළු යට ගිනි පුපුරු මෙනි. පෙර පුරුදු ගති ගුණ ප්‍රකට වීම වුවොත් එයද සංසාරේ හැටි තේරුම් ගැනීමට කාට නමුත් ප්‍රයෝජන වන් බව ද සිහි කිරීම වැඩ දායක ය.
ඒ මේ සංසාරේ භැටි ය!