රුපියල් දෙකකින් ඉන්ධන මිල අඩු කිරීම ගසා කෑමක්...

 


ඉන්ධන නිසි ප්‍රමිතියකින් තොරව ගබඩා කිරීම හේතුවෙන් රුපියල් කෝටි 30කට අධික මහා පරිමාණ මූල්‍ය පාඩුවක් සිදුව ඇති බව ඒකාබද්ද වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා අනාවරණය කරයි. 

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේ බලධාරීන්ගේ අදූරදර්ශී තීරණ සහ දූෂිත ක්‍රියාකලාපයන් හේතුවෙන් ජනතාවට මෙම පාඩුව විඳ ගැනීමට සිදුව ඇති බවයි.

92 පෙට්‍රල් සහ සාමාන්‍ය ඩීසල් මිල රුපියල් දෙකකින් පමණක් අඩු කිරීම ජනතාව "ගසා කෑමක්" බව පාලිත මහතා මෙහිදී අවධාරණය කළේය. 

ඔහු පවසන පරිදි, පෙට්‍රල් මෙට්‍රික් ටොන් 29,963ක් මාස 8 සිට 15 දක්වා කාලයක් අනීතික ලෙස ගබඩා කර තැබීම හේතුවෙන් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 600කට අධික ප්‍රමාණයක් වාෂ්ප වී ඇත. 

මෙම වාෂ්ප වූ ඉන්ධන ප්‍රමාණයේ වටිනාකම රුපියල් කෝටි 30ක් පමණ වන බව හෙතෙම සඳහන් කළේය.

මෙම මූල්‍ය විනාශය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් පත් කරන ලද සභාපතිවරයා සහ විෂය භාර අමාත්‍යවරයා සෘජුවම වගකිව යුතු බව ආනන්ද පාලිත මහතා ප්‍රකාශ කළේය. 

ඩීසල් ගබඩා කිරීම වෙනුවට දැවීතෙල් පොළොව යට වළ දැමීමෙන් අධික පාඩුවක් සිදු කර ඇති බවත්, හදිසි මිලදී ගැනීම් හරහා ක්‍රියාත්මක වීම හේතුවෙන් මේ වන විටත් බැංකුවලට ඩොලර් කෝටි දෙකකට අධික ණය මුදලක් ගෙවීමට ඇති බවත් ඔහු අනාවරණය කළේය.

පාලකයන්ගේ මෙවැනි දූෂිත ක්‍රියාවලීන් හේතුවෙන් රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව පාලිත මහතා පෙන්වා දෙයි. රජය විසින් ඩොලරයේ අගය රුපියල් 294ක මට්ටමක පවත්වා ගැනීමට උත්සාහ කළද, පාලකයන්ගේ මෙම අක්‍රමිකතා නිසා අද වන විට ඩොලරයේ අගය රුපියල් 313 දක්වා ඉහළ ගොස් ඇති බවත්, මෙලෙස ප්‍රමිතියෙන් තොරව ඉන්ධන ගබඩා කර ජනතාවගේ මුදල් කොල්ලකෑමට එරෙහිව බලධාරීන් වහාම පිළිතුරු දිය යුතු බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය

5 Comments

  1. Muge molee thamai molee.Gon wassa.

    ReplyDelete
  2. Mewa news widiyata liyana ewngeth molee puke.Buuru maadywediyoo.

    ReplyDelete
  3. ඉන්ධන මිල වැඩි වුනාට කමක් නැත.ජනතාවගේ එකම පැතුම මහජන බදු මුදල් වලින් ආතල් ගත්ත එවුන් හිරේට යැවීම පමණයි

    ReplyDelete
    Replies
    1. මහජන බදු මුදල් වලින් ආතල් ගනිමින් ඉන්නෙ කවුද කොළුවො? උන් ඔක්කොම වලපැත්තෙදි දැකගන්න පුළුවන්.

      Delete
  4. පහුගිය කාලයේ බොරු කියලා රටේම මිනිස්සු රවට්ටලා සමාජයම අසහනයට පත් කරපු කාලකන්නියා . මූ තනිකරම බොරු කාරයෙක්. හැබැයි දැනගෙනම බොරු කියන්නේ. බොරු කියනවාට මූට හොදට ගෙවනවා.

    ReplyDelete
Previous Post Next Post