වතු කම්කරුවන්ගේ EPF, ETF තැරවුකරුවන්ගේ ග‍්‍රහණයට...

 


වතු කම්කරුන්ගේ නොදැනුවත් කම හේතුවෙන් සමහර වතු කම්කරුවන්ගේ සේවක අර්ථසාදක අරමුදල් හා සේවා නියුක්තිකයන්ගේ බාර අරමුදල් (. පි.එෆ් හා ඊ. ටි. එෆ්) ලබා ගැනිමෙදි තැරවුකරුවන් එම කම්කරුවන්ගෙන් විශාල මුදලක් ලබා ගැනිම නතර කිරිමට පියවර ගත යුතු බව නුවරඑළිය දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුවේ සම්බන්ධිකාරක ඉරේෂා උදේනි මහත්මිය පවසයි.

දික්ඔය බෞද්ධ මධ්‍යස්ථානයේදි පැවති වැඩ සටහනකදි මේ බව පැවසු උදේනි මහත්මිය එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි.

මේ වන විට වතුකරයේ වතු කම්කරුන්ට තම ඊ. පි. එෆ් හා ඊ. ටි. එෆ්. අරමුදල් ගැනිම සදහා තැරවුකරුවන්ගේ පිහිට පැතිමට සිදුවිම මත ඔවුන් ලබා ගන්නා අරමුදලින් ලක්ෂ ගනනක මුදලක් එම තැරවුකරුවන්ට ලබා දිමට සිදු වනවා මෙසේ සිදු වන්නේ එම අහිසක කම්කරුවන්ගේ නොදැනුවත් කම නිසායි.

මෙම තත්වය වෙනස් කිරිම සදහා නුවරඑළිය දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුවේ මැදිහත් විමක් සිදු කිරිමට පියවර ගත යුතුයි ඒ සදහා කල යුතු වන්නේ මෙම අහිංක කම්කරුවන් මේ සම්බන්දයෙන් දැනුවත් කිරිමට පියවර ගැනිමයි.

ඒ සදහා වැඩ සටහනක් ඉදිරියේදි හැටන් නගරයේදි සිදු කිරිමට කටයුතු කරනවා එම වැඩ සටහනේදි ඊ.පි.එෆ් හා ඊ. ටි. එෆ්. අරමුදල් ලබා ගැනිමට අපේක්ෂාවෙන් සිටින පිරිස් හා එයට අදාල නිලධාරින් කැදවා එම අරමුදල් ලබා දිම සදහා අවශ්‍ය අයදුම් පත් නිසි ලෙස සකස් කරන අයුරු පිලිබදව දැනුවත් කිරිමටත් පියවර ගන්නවා.

මෙම දැනුවත් කිරිමේ වැඩ සටහන සදහා කම්කරු කාර්යාලයේ නිලධාරින්, . පි. එෆ් හා ඊ. ටි. එෆ්. කාර්යාලවල නිලධාරින් මෙන්ම වතුවල කාර්ය මණ්ඩලයේද සහාය ලබා ගැනිමටත් පියවර ගැනිමටත් අපේක්ෂා කරන බවද ඉරේෂා මහත්මිය වැඩි දුරටත් පැවසිය

Previous Post Next Post