පාර්ලිමේන්තු නි. ලේකම් කතානායකට එරෙහිව කල පැමිණිල්ලට පුද්ගලික ලේකම් (PHI) අත දාලා.. තොරතුරු ඉල්ලලා..


පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය ලේකම්වරයෙකු විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ඉදිරිපත් කළ පැමිණිල්ලකට අදාළව, කතානායකවරයාගේ පෞද්ගලික ලේකම්වරයා සිදුකර ඇති මැදිහත්වීමක් පිළිබඳව සජබ මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා අද (5) සභාවේ අවධානය යොමු කළේය.

අදාළ අල්ලස් පැමිණිල්ල සම්බන්ධයෙන් තොරතුරු විමසමින් කතානායක පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේ මහතා විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත ලිපියක් යොමු කර ඇත. 

එවැනි විමසීමක් කිරීමට ඔහුට ඇති නෛතික බලය කුමක්දැයි මන්ත්‍රීවරයා මෙහිදී විමසා සිටියේය.

පෞද්ගලික ලේකම්වරයාගේ මෙම ක්‍රියාව අල්ලස් කොමිසමේ ස්වාධීන පරීක්ෂණ ක්‍රියාවලියට අවහිරයක් වන බැවින්, ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස රාජකරුණා මහතා කොමිසමෙන් ඉල්ලා සිටියේය.

මෙම සිදුවීමට අදාළ සාක්ෂි වශයෙන්, පෞද්ගලික ලේකම්වරයා විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත යවන ලද ලිපියේ පිටපතක් ද මන්ත්‍රීවරයා විසින් සභාවට ඉදිරිපත් කරන ලදී.

"කතානායකතුමාගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේ මීට දවස් දෙකකට කලින් මහලේකම්තුමියට ලිපියක් යවලා කතානායකට එරෙහි අල්ලස් පැමිණිල්ල ගැන තොරතුරු විමසනවා. සම්පූර්ණ විස්තර ඉල්ලනවා. අල්ලස් පනතට අනුව මේක බරපතළ දඬුවම් ලැබිය හැකි වරදක්. වහාම මේ ගැන පරීක්ෂණයක් කරන්න කියලා අල්ලස් කොමිසමෙන් ඉල්ලනවා.  පරීක්ෂණ කටයුතු වලට බාධා කිරීමක් මෙයා කරන්නේ. 

අල්ලස් කොමිසමේ කටයුතු වලට බාධා කරන්න කතානායකතුමාගේ ලේකම්ට අයිතියක් නෑ. මොන නීතිය යටතේද එහෙම   කරන්නේ. කොහේ තියෙන බලයක්ද එයාට. කතානායක ඇතුළු  සියලු දෙනාම රටේ නීතියට යටත්. මේ ගැන පරීක්ෂණයක් කරන්න කියලා අල්ලස් කොමිසමෙන් නැවතත්  ඉල්ලීමක් කරනවා.  ලිපිය මම සභාගත කරනවා.

අල්ලස් පනත අනුව පරීක්ෂණවලට බාධා කිරීම, ඒවාට අදාල ලියැ කියවිලි විනාශ කිරීම බරපතළ දඬුවම් ලැබිය හැකි වරදක්.  අධිකරණ ඇමතිතුමාත් එකඟ වෙනවා ඇති"

10 Comments

  1. එහෙම කරලා තියනවා නං ගිහිං පැමිණිල්ලක් ඉදිරිපත් කරන එකනේ තියෙන්නෙ මහත්තයෝ. පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා කියව කියව ඉන්නෙ නැතිව

    ReplyDelete
    Replies
    1. ජෙප්පො පාර්ලිමේන්තුවේ කියවන්නෙම නැද්ද​, පැමිනිලි කරනව විතරද​? රිදෙනව නේ කුපාඩි කටා-නායකගෙ රෙදි ගැලවෙනකොට​.

      Delete
    2. ඒ ගැන නීතිමාර්ගයට පිවිසෙනවා.

      Delete
    3. හෝදන්න තව හොඳට.

      Delete
    4. නීති මාර්ගයට නෙවෙයි අධෝ මාර්ගයට පිවිසිලා කියලා දන්නවා.

      Delete
  2. මුන් දැන් කුඩු මිරිස් කාපු රිළා රංචුව වගේ.

    ReplyDelete
  3. Gal kolla meka thawa boka karana seen 1k thiyenne.. AKD mun dennawama ain kalanam hodai wage..

    ReplyDelete
  4. අල්ලේ අධෝ .......ක තියෙන වටිනාකම

    ReplyDelete
  5. Puk kollata ridila wagee!

    ReplyDelete
  6. Ado, kawuda yakoo punchiammawa mathak kalee?

    ReplyDelete
Previous Post Next Post