ඕස්ට්‍රේලියාව ගෙදර යවා ශ‍්‍රී ලංකාව 'Super 8' වටයට පිවිසේ.. පැතුම්ගෙන් ශතකයක්...

 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තීරණාත්මක තරගයකින් ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 8කින් පරාජය කරමින් අපරාජිතව සුපිරි 8 (Super 8) වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව සමත් විය.

ලකුණු 182ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 18ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියේය. 

ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පන්දු 52කදී හතරේ පහර 10ක් සහ හයේ පහර 5ක් සමඟින් අතිවිශිෂ්ට නොදැවුණු ශතකයක් (100) වාර්තා කළේය.

දැනට පවතින ප්‍රසාද ලකුණු සටහනට අනුව ‘B’ කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ තරග 3ම ජයගෙන ප්‍රසාද ලකුණු 6ක් සහ +2.462ක ඉහළ ශුද්ධ ලකුණු වේගයක් (NRR) සහිතව ප්‍රමුඛස්ථානයේ පසුවෙයි. 

ඒ අනුව ශ්‍රී ලංකාව නිල වශයෙන්ම සුපිරි 8 වටයට සුදුසුකම් ලබා අවසන්ය.

ඕස්ට්‍රේලියාව මේ වන විට ක්‍රීඩා කළ තරග 3න් එක් තරගයක් පමණක් ජයගෙන ප්‍රසාද ලකුණු 2ක් ලබා 3 වැනි ස්ථානයේ පසුවේ. 

ඔවුන්ට සුපිරි 8 වටයට පිවිසීමට නම් ඕස්ට්‍රේලියාව සිය මීළඟ තරගය අනිවාර්යයෙන්ම විශාල ලකුණු පරතරයකින් ජය ගත යුතුය.

දැනට දෙවන ස්ථානයේ පසුවන සිම්බාබ්වේ කණ්ඩායම (ලකුණු 4) ඔවුන්ගේ මීළඟ තරග දෙකම (අයර්ලන්තය සහ ශ්‍රී ලංකාව සමඟ) පරාජය විය යුතුය.

අයර්ලන්ත කණ්ඩායමද ලකුණු 2ක් ලබා සිටින බැවින්, ඕස්ට්‍රේලියාවට තම ශුද්ධ ලකුණු වේගය (0.414) ඉහළ නංවා ගැනීම තීරණාත්මක වනු ඇත.

2 Comments

  1. Velavata anura kumaranayagam ada natthe , pora indian match vitarai balanne, ape kollange match alagic da, ape unta mulu ratak innava ekek nathi unata

    ReplyDelete
    Replies
    1. Lankave match boycott karanna kiyapu ponnayo koheda danne na. Born Again gaga haminuney.

      Delete
Previous Post Next Post