පසුගිය කාලසීමාව තුළ මෙරට පාතාල කණ්ඩායම් පෝෂණය කරමින් ඔවුන්ව තම දේශපාලන පක්ෂවල මධ්‍යම කාරක සභාවල පවා රඳවා තබා ගත්තේ නිල් සහ කොළ වර්ණ නියෝජනය කළ පක්ෂ බව නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ 2026 වසර ශ්‍රී ලංකාවට ඉතා සුවිශේෂී වසරක් වනු ඇති බවයි.
වසරේදී නීතිය තදින් ක්‍රියාත්මක කරමින් නීතියේ ආධිපත්තිය මෙරට තුළ බලගන්වන වසරක් බවට එය පත් කරන බව ඔහු අවධාරණය කළේය.
වර්තමාන රජයට කිසිදු පාතාල කණ්ඩායමක් හෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සමඟ කිසිදු ආකාරයක සම්බන්ධයක් නොමැති බවත්, රජය එවැනි පාර්ශවයන්ගෙන් සම්පූර්ණයෙන්ම නිදහස් බවත් ඔහු පවසා සිටියේය.
එසේම, රට තුළ යම් යම් සිදුවීම් වාර්තා වන බවත්, රජයක් ලෙස එම සියලු සිදුවීම්වල වගකීම භාර ගැනීමට තම රජය සූදානම් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය

පාතාලය මොනවද බං උඹලාගෙ පක්ෂය ම ත්‍රස්වාදීන් නේ බං මොකද උඹලා මැරිලා ඉපදුනේ නෑ නේ.ඉතින් ඒක අමතක කරමු උඹලාගේ පක්ෂය ඇතුළේ හිටපු මුස්ලිම් අන්තවාදී Ibrahim සහ උගේ පූත්රයෝ හදුනාගන්න ත්‍රස්වාදීන් නේ බං අනු න් ට ත්‍රස්වාදීන් කියන්න ඉස්සර වෙලා උබට මතක කරලා
ReplyDeleteබලන්න තිබුණා උඹලා ගෙ උන් මොන ජාතියේ එවුන් ද කියලා