බාල ගල්අගුරු නිසා ඉල්ලූ 13%ට අමතරව විදුලි බිල යලිත් ඉහලට..?


ප්‍රමිතියෙන් තොර බාල ගල් අඟුරු මෙරටට ගෙන්වීම හේතුවෙන් ඉදිරියේදී යළිත් වරක් විදුලි බිල ඉහළ යාමේ දැඩි අවදානමක් පවතින බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි
.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා අවධාරණය කළේ, වත්මන් ආර්ථික හා දේශපාලන අර්බුද හමුවේ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය වහාම එකාබද්ධ විය යුතු බවයි.

ගල් අඟුරු ටෙන්ඩර් ක්‍රියාවලිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ කරුණානායක මහතා මෙසේ පැවසීය.

"ගල් අඟුරු නැව් 9ක් ලංකාවට ඇවිත් තියෙනවා. ඒ නමයේම වාර්තා අවුල් සහගතයි. බාල ගල් අඟුරු නිසා අවශ්‍ය තාපය ජනනය වෙන්නේ නැහැ. මේ තත්ත්වය මත ලංවිම දැනටමත් බිලියන 8ක පාඩුවක් ලබලා තියෙනවා.

දැනට ඉල්ලලා තියෙන 13%ක විදුලි බිල වැඩිවීමට අමතරව, මේ ගල් අඟුරු පාඩුව පියවන්න තව නොබෝ දිනකින් නැවතත් බිල වැඩි කරන්න වෙයි. ටෙන්ඩර් කැඳවීමේ දෝෂයක් නැති බව සමහරු කිව්වත්, මෙහි පැහැදිලි වංචාවක් සිදුවී තිබෙනවා."

3 Comments

  1. ප්‍රශ්නෙ මේකයි. අඩු මිලට ගල් අගුරු ගෙනාවට, ගල් අගුරු බාලයි ( ඇමතිලා කියන්නෙ - ගල් අගුරු කියන්නෙ ස්වාභවික අමුද්‍යවයක් කියලයි - එතකොට කලින් ආණ්ඩුවලින් ගෙන්වපුවත් ඒ වගෙවෙලා තියෙනවා කිය කිය උලුපන්නෙ ඇයි ? ඊලගට මෙයාල නිකමටවත් විපක්ශෙ හිටියානම් කොහොම කියාවිද ? අනික කලින් විමර්ශණ කරල නැ කියන එක වැඩක් නැහැනෙ.. මෙ 2/3 ආණ්ඩුවක් ගෙනාවෙ වෙනසක් කරන්න මිසක් කලින් විදියට වැඩ කරන්න නෙවිනේ )

    අලුතින් හදිස්සි ටෙන්ඩර් කැදවන්නෙ ඇයි ? ඒ සදහා වැය වන මුදල් කවුද ගෙවන්නෙ ?

    අපහු ඇමතිලාම කියනවා, මෙක හදල තියෙන තැන් වැරදි අරකයි මේකයි.. දැන් කලින් ආණ්ඩු ඔකට අවශ්‍යැ ගල් අගුරු ගෙන්වල කොහොම හරි කැඩි කැඩි හරි දිව්වානෙ.. වැඩ බැරිද ?

    ක්‍රම්යා වෙනස් කරන්න ඇවිල්ල තියෙන ටිකවත් කරගන්න බැ ??

    ReplyDelete
    Replies
    1. හදිසි ටෙන්ඩර් වලින් තමයි කොමිස් ගහන්න පුලුවන්.
      නැත්තන් කොහොමද ඊලඟ පාර ඡන්දෙට සල්ලි හොයා ගන්නෙ.
      ඊලඟ පාර මාලිමා ගොන් හැත්තට පුන්නක්කු බෙදන්න සල්ලි එපැයි. කුහක වෙන්න එපා.

      Delete
  2. අපි වෙනුවෙන් රටට වාසියක කරපන් , උබල හැම දාම කලේ රට කාපු එකඊ, ඇස් ලොකුකරකර බොරු කියපු එකඊ

    ReplyDelete
Previous Post Next Post