පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ඉන්ධන ප්‍රමාණවත් නොවිම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිව දැනුවත් කර ඇතැයි කතානායක ජගත් වික්‍රමරත්න මහතා සඳහන් කළේය.
අද පාර්ලිමේන්තුවේදී ඔහු කියා සිටියේ මහලේකම්වරියගේ පිළිතුර ලැබුණු පසු එය ප්‍රකාශයට පත් කරන බවයි.
තමන්ට හිමි ඉන්ධන ලීටර් 15 යාපනයේ සිට පාර්ලිමේන්තු පැමිණීමට ගියහොත් සති ගණනක් ගතවන බවද බවට යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුනා මහතාට කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් කථානායකවරයා මේ බව පැවසීය.
ඉන්ධන ලීටර් පහළොවකින් අනුරාධපුරයට පැමිණ ඊළඟ සතිය වෙන තෙක් අනුරාධපුරේ සිට නැවතත් තෙල් ලීටර් පහළොවක්ද ලබාගෙන කොළඹ පැමිණිය හැකි බවත් පැවසුව ඔහු සම්පූර්ණ ගමනට මාසයක පමණ කාලයක් ගතවන බවද සඳහන් කළේය.
මේ අතර සාමාන්‍ය මහජනතාවට මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහාද ඉන්ධන ලබාගැනීමේදී කිසිදු විශේෂ වරප්‍රසාදයක් හිමි නොවන බවත්, ඔවුන්ද සාමාන්‍ය ජනතාව මෙන් පෝලිම්වල රැඳී සිට ඉන්ධන ලබාගන්නා බවත් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.
මන්ත්‍රීවරයා අවධාරණය කළේ ආරක්ෂක අංශ මගින් හෝ වෙනත් බාහිර මාර්ගවලින් තමන්ට ඉන්ධන සැපයීමක් සිදු නොවන බවයි.
"අපිත් ඉන්ධන මිලදී ගැනීමට පෝලිම්වල ඉන්නවා. ඇතැම් මාධ්‍යවේදීන් අප කෙරෙහි වෛරයකින් පසුවන බව පෙනෙන්නට තිබෙනවා. ඔවුන් පෙන්වීමට උත්සාහ කරන්නේ ඔවුන් ස්වේච්ඡාවෙන් සේවය කරන පිරිසක් ලෙසයි. නමුත් ඔවුන් සෑම මසකම 25 වැනිදා වන විට වැටුප් බලාපොරොත්තු වන අතර වාර්ෂික වැටුප් වර්ධකද අපේක්ෂා කරනවා" යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

කෝච්චියේ වර
ReplyDeleteUseless buggers they can walk after all they don't do anything other than lying & messing.up country.
ReplyDeleteMister Sooping ta thawa kiiyak onay da kiyanna.
ReplyDeleteKollo gahanna thel one neda? Munge me wada nisa kollo parak gahanna yanna widiyak nene.
ReplyDeleteSalgadu
ReplyDeleteඅඩෝ ලල්ල ලොලා ලොල්ල ලා ලේ ?
ReplyDeleteතොපි බලයට ආවේ බස් එකේ යනවා කියල නේද පකෝ
ReplyDeleteමන්ත්‍රීලට විතරද? PHIට තෙල් ඇතිද?
ReplyDeleteUse public transport
ReplyDelete