විදුලි අර්බුදයට ලෑස්ති වෙයි.. දැවිතෙල් 30,000MT කට ලංසු කැදවයි..


එළඹෙනු ඇතැයි අනුමාන කෙරෙන දැඩි නියං සහිත තත්ත්වය හේතුවෙන් විදුලි උත්පාදනයට එල්ල විය හැකි බාධා මැඩලීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පූර්ව සූදානමක නිරත වෙයි
.

ඒ අනුව, බලාගාර ක්‍රියා කරවීම සඳහා අවශ්‍ය දැවි තෙල් මෙට්‍රික් ටොන් 30,000ක් විදේශයන්ගෙන් ලබාගැනීමට මේ වන විට ලංසු කැඳවා තිබේ.

අදාළ ටෙන්ඩර් පත්‍රිකා විවෘත කිරීම මෙම මස 17 වැනිදා සිදු කිරීමට නියමිත බව සංස්ථාවේ උසස් නිලධාරියෙකු තහවුරු කළේය.

බලශක්ති අමාත්‍යාංශයේ මූලාශ්‍ර පෙන්වා දෙන්නේ ඉදිරි කාලසීමාව තුළ කාලගුණික විපර්යාස මත ජල විදුලි නිෂ්පාදනය අවම මට්ටමකට වැටෙනු ඇති බවයි.

මේ හේතුවෙන් උණුසුම් හා වියළි කාලගුණික තත්ත්වය තුළ විදුලි ඉල්ලුම සපුරාලීමට තාප විදුලි බලාගාර මත වැඩි වශයෙන් යැපීමට සිදුවේ.

අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීම සඳහා තාප විදුලි ජනනය සියයට 80ක් වැනි ඉහළ අගයක් දක්වා වර්ධනය කිරීමට සැලසුම් කර ඇත.

කිසිදු බාධාවකින් තොරව ඉන්ධන අවශ්‍යතාව සපුරාලීම රජයේ මූලික අරමුණයි.

3 Comments

  1. තවත් ගැහිල්ලක්ද?

    ReplyDelete
  2. In evry situation srilanka is just a beggar in filthy rags. Cloud seeding options as this is to increase electricity and water bills .this is another drama

    ReplyDelete
Previous Post Next Post