මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවති.
පසුගිය පැය කිහිපය තුළ ප්‍රධාන තෙල් දර්ශකයන්හි කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබුණු අතර, මෙය ඉදිරියේදී ශ්‍රී ලංකාව වැනි රටවල ආර්ථිකයට සෘජු බලපෑම් එල්ල කළ හැකි තත්ත්වයකි.
මැදපෙරදිග කලාපයේ පවතින අස්ථාවරත්වය හේතුවෙන් තෙල් සැපයුම පිළිබඳ ඇති වී තිබෙන අවිනිශ්චිතතාවය මෙම මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව වී ඇත.
WTI Crude බොරතෙල් බැරලයක මිල ඩොලර් 9.89 කින් (12.21%) ඉහළ ගොස් ඩොලර් 90.90 ක් ලෙස සටහන් විය.ලෝකයේ ප්‍රධානතම තෙල් දර්ශකය වන බ්‍රෙන්ට් බොරතෙල් මිල ඩොලර් 7.28 කින් (8.52%) ඉහළ ගොස් ඩොලර් 92.69 දක්වා ඉහළ ගොස් ඇත. Murban Crude ඩොලර් 103.24 දක්වා ඉහළ ගොස් ඇති අතර එය 9.24% ක වර්ධනයකි. ඕමාන් තෙල් මිලෙහි ඩොලර් 12.21 ක (14.60%) වැඩිවීමක් වාර්තා වේ.
බොරතෙල්වලට අමතරව අනෙකුත් ඉන්ධන හා බලශක්ති ප්‍රභවයන්හි මිල ගණන් ද ඉහළ ගොස් ඇත.
ශ්‍රී ලංකාව සිය ඉන්ධන අවශ්‍යතාවයෙන් වැඩි ප්‍රමාණයක් ආනයනය කරන බැවින්, ලෝක වෙළඳපොළේ මෙම මිල ඉහළ යාම මෙරට ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇත.
විශේෂයෙන්ම ඉන්ධන ආනයනය සඳහා වැයවන විදේශ විනිමය ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් වෙළඳ හිඟය පුළුල් විය හැක. ඉන්ධන මිල ඉහළ යාම නිසා ප්‍රවාහන ගාස්තු සහ අත්‍යවශ්‍ය භාණ්ඩ නිෂ්පාදන පිරිවැය ඉහළ යාමෙන් උද්ධමනය ඉහළ යාමට ඉඩ ඇත.
මැදපෙරදිග ගැටුම් දිග්ගැස්සුනහොත් ලෝක වෙළඳපොළේ තෙල් මිල තවදුරටත් අස්ථාවර වනු ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ අනතුරු අඟවති.

ස්වභාව ධර්මය සමහර දඬුවම් ආයේ ආයේ දෙනව. 1 corona 2 මේ යුද්ධය
ReplyDeleteදෙකෙන්ම වෙන්නේ එකම දේ. මිනිස්සු hithapalla.