බාල ගල්අඟුරු භාවිතය හේතුවෙන් නොරොච්චෝලේ ලක්විජය බලාගාරය බිඳ වැටී ඇති බවට එල්ල වන චෝදනා නිරීක්ෂණය නොවන බවත්, බලාගාරය ඉතා හොඳින් ක්‍රියාත්මක වන බවත් රජයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පවසයි.
බාල ගල්අඟුරු භාවිතය නිසා බලාගාරය බිඳ වැටී ඇති බවට පාර්ලිමේන්තුව තුළ පවා සාකච්ඡා වී ඇති නමුත්, සිදුකළ නිරීක්ෂණයේදී එවැනි තත්ත්වයක් දක්නට නොලැබුණු බව ඒ මහතා අවධාරණය කළේය.
බලාගාරයේ යන්ත්‍ර සූත්‍ර ඉතා හොඳින් ක්‍රියාත්මක වන බවත්, ඒ පිළිබඳව ජනතාව අනියත බියක් ඇති කරගත යුතු නැති බවත් හෙතෙම සඳහන් කළේය.
කෝප් කමිටුවේ සභාපතිවරයා ඇතුළු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූයේ ගල්අඟුරු ආනයනය පිළිබඳව සිදු කෙරෙන විමර්ශනයට අදාළ තොරතුරු අධ්‍යයනය කිරීම සඳහාය.
එහිදී මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා මෙසේද පැවසීය.
"බලශක්ති නිෂ්පාදනයේ යම් වෙනසක් තිබෙනවා. නමුත් එය මේ මොහොතේ පවතින විදුලි ඉල්ලුමට සාපේක්ෂව කිසිදු ගැටලුවක් ඇති කරන මට්ටමක නැහැ. බාල ගල්අඟුරු නිසා පරිසරයට හානි වන බවටත් විපක්ෂයෙන් චෝදනා එල්ල වුණා. ඒ වගේම විදුලි උත්පාදන ක්‍රියාවලියේදී අවසානයේ ජනනය වන විදුලි ප්‍රමාණය පිළිබඳවත් ගැටලු පවතිනවා."
ගල්අඟුරු ආනයනය ආරම්භ කළ දින සිට මේ දක්වා සම්පූර්ණ ක්‍රියාවලියම ඉදිරියේදී විමර්ශනයට ලක් කරන බවත්, විගණන ක්‍රියාවලිය සහ අද දින සිදුකළ නිරීක්ෂණ පාදක කරගනිමින් ඉදිරි තීන්දු තීරණ ගන්නා බවත් වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අවසානයේ ජනනය වන විදුලි ප්‍රමාණය පිළිබඳවත් ගැටලු පවතිනවා
ReplyDeleteකාපියව් ගූ
ReplyDeleteadwena balashatiya nishapadanaya karala.madi wena tika cover karanne kohomada.thawa gala anguru use karalada.naththan diesel use karalada.ewage piriwaya piyawaganne kohomada ape bill eka wadi karalada ...bala gal angur burn wenakota machine wala geviyana kotas replace karanne kage viyadamenda mahaththayo.ekath ape bill walata add karanawada.ekath pahadila karanna puluwanda me osthar mahaththayata?
ReplyDeleteHodamu,hodamu
ReplyDeleteHodamu,hodamu
ReplyDeleteකෝප් එකට ගිය කලක්! රජයේ ප්‍රධාන රජකයා වෙලා. ඔය මනුස්සයා දන්නවද නොරොච්චෝලේ ගැන කිසිදෙයක්?
ReplyDeleteHe is a Dr.
Delete