තත්වය දරුණුයි.. කාර්ය මණ්ඩල ගෙදර සිට වැඩ... බල්බ් නිවන්න.. AC ඔෆ් කරන්න.. රජය නිල වශයෙන් දන්වයි..

 


මැද පෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ඉදිරියේදී මෙරටට ඉන්ධන ආනයනය කිරීමේදී බාධා මතු විය හැකි බැවින්, දැනට පවතින සංචිත අරපිරිමැස්මෙන් භාවිත කිරීම සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය විසින් සියලුම රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වෙත දැඩි මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් පී. කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම නිවේදනය මගින් ඉන්ධන, විදුලිය සහ ආයතනික මෙහෙයුම් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග රැසක් පෙන්වා දී ඇත.

ඉන්ධන සහ බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම.

(මාර්ගෝපදේශ - අංක 01)

මැද පෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී මෙරටට ඉන්ධන ආනයනය කිරීමේ දී බාධා මතු විය හැකි බැවින්, දැනට පවතින ඉන්ධන සංචිත අරපිරිමැස්මෙන් භාවිත කිරීම සියලුම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතනවල වගකීමකි. ඒ අනුව, අත්‍යවශ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වා ගෙනයාම තහවුරු කරනු පිණිස පහත සඳහන් මාර්ගෝපදේශ කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුය.

1. කාර්යාල කාර්යය මණ්ඩල ප්‍රවාහනය සහ ඉන්ධන කළමනා කරණය.

  • නිලධාරීන් රාජකාරි සඳහා පැමිණීමේදී තනි තනි වාහන භාවිතය වෙනුවට හැකි සෑම විටම පොදු ප්‍රවාහන සේවා හෝ කණ්ඩායම් ප්‍රවාහන ක්‍රම වේද (Carpooling) භාවිතා කළ යුතුය.

  • ක්ෂේත්‍ර රාජකාරි සඳහා අවම වාහන සංඛ්‍යාවක් භාවිතයට ගත හැකි පරිදි දෛනික ප්‍රවාහන සැලසුම් සකස් කළ යුතු අතර, එය මාණ්ඩලික නිලධාරියෙකුගේ අධීක්ෂණයට යටත් විය යුතුය.

  • රැස් වීම සහ සාකච්ඡා සඳහා නිලධාරින් දුර බැහැර සිට කැඳවීම සීමා කළ යුතු අතර, WhatsApp ຫຼວ ລີ ຜ Zoom, Google Meet, Ms Teams, තාක්ෂණික ක්‍රම වේද අනිවාර්යයෙන් භාවිතා කළ යුතුය.

  • සියළුම ලිපිලේඛන සහ තොරතුරු හුවමාරුව සඳහා විද්‍යුත් තැපෑල (E-mail) හෝ WhatsApp වැනි විද්‍යුත් ක්‍රමවේද භාවිතා කරමින් කළ යුතු අතර භෞතිකව ලිපිලේඛන ප්‍රවාහනය අවම කළ යුතුය.

  • සෞඛ්‍ය, ආරක්ෂක සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා සඳහා අවශ්‍ය ඉන්ධන තොග හිඟයකින් තොරව ලබාදීමට අතිරේක ඉන්ධන සංචිත පවත්වාගෙන යායුතු අතර, ඒ සඳහා අවශ්‍ය ධාරිතාවයන් නිසි ලෙස සකස් කරගත යුතුව ඇත.

  • රාජ්‍ය අංශය සතුව දැනට ධාවන තත්ත්වයේ පවතින වාහන සංඛ්‍යාව 92,000 ක් පමණය. ඒ අනුව එක් වාහනයකින් දිනකට ඉන්ධන ලීටරයක් ඉතිරි කර ගතහොත් සියළුම වාහන වලින් දිනකට ඉන්ධන ලීටර් 92,000 ක් පමණ ඉතිරි කරගත හැකිය. එමගින් මාසිකව ඉන්ධන ඉන්ධන ලීටර් 9,200,000 සහ වාර්ෂිකව ඉන්ධන ලීටර් මිලියන 110 ක් පමණ ඉතිරි කර ගතහැකිය. ඒ අනුව අදාළ නිලධාරින් සහ රියදුරු මහතුන් දැනුවත් කර වැඩ පිළිවෙලක් ආයතන මට්ටමින් සකස් කර ගත යුතුව ඇත.

2. විදුලිය සහ බලශක්ති සංරක්ෂණය.

  • ස්වාභාවික ආලෝකය හැකි සෑම විටම භාවිතා කිරීම හෝ sky lights භාවිත කිරීම. (උදා. Solar tube type, prismatic type)

  • හැකි සෑම විට ම මේස ලාම්පු භාවිතා කර සාමාන්‍ය විදුලි පහන් නිවා දැමීමට හැකි වන සේ කටයුතු කිරීම. රාත්‍රී කාලයේ දී අවශ්‍යම ස්ථාන වල පමණක් විදුලි බල්බ දැල්වීමට මුරකරුට හා අදාළ සේවකයින්ට උපදෙස් දීම.

  • හැකි සෑම අවස්ථාවකදීම වායු සමීකරණ යන්ත්‍ර වෙනුවට විදුලි පංකා භාවිතා කිරීම ( මේස විදුලි පංකා (Table fan) හෝ සිටුවන විදුලි පංකා (Pedestal fan) සීලිං විදුලි පංකාවලට වඩා බලශක්ති කාර්යයක්ෂමතාවයෙන් ඉහළය.)

  • අවට පරිසරයේ උෂ්ණත්වය අවම උදෑසන කාලයේ දී ආයතනවල ජනෙල් විවෘත කර ස්වභාවික වාතාශ්‍රය නිසි පරිදි ලැබීමට ඉඩ සලස්වාගත යුතු අතර, අවම වශයෙන් රාජකාරි වේලාව තුල දිනකට පැය 01/02 ක් පමණ වායු සමීකරණ යන්ත්‍ර අක්‍රිය කිරීම අනිවාර්යයෙන්ම කළ යුතු අතර වායුසමීකරණ යන්ත්‍රවල අවශ්‍යතාවය නොමැති ප්‍රදේශ වල දී එම යන්ත්‍ර හැකි සෑමවිටම සම්පුර්ණයෙන්ම අක්‍රීය කර තැබීමට පියවර ගත යුතුය.

  • වායු සමීකරණ යන්ත්‍ර වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 26 හෝ ඊට වැඩි අගයක පවත්වා ගැනීම අනිවාර්ය වේ. (නිවර්තන දේශගුණයක් සහිත රටක් වන ශ්‍රී ලංකාවට උචිත අගය සෙල්සියස් අංශක 26 බව තිරසාර බලශක්ති අධිකාරිය සහ බලශක්ති කාර්යක්ෂමතා විශේෂඥයින් හඳුනා ගෙන ඇත).

  • පළාත් පාලන ආයතන මඟින් පාලනය වන විදි ලාම්පු අනවශ්‍ය අවස්ථාවලදී නිවා දැමීමට විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

  • අධි ආරක්ෂක හා ආරක්ෂිත කලාපවල පිහිටි මාර්ගවල හැර අනෙකුත් සියළුම මාර්ගවල තාවකාලික පිළියමක් ලෙස විදුලි පහන් නිවා දැමීම.

  • දිවා ආලෝකය උපරිමයෙන් භාවිත කළ යුතු අතර, අනවශ්‍ය විදුලි පහන් නිවා දැමීමටත්. රාත්‍රී කාලයේදී අත්‍යවශ්‍යම ස්ථාන සහ මාර්ග වලට පමණක් විදුලිය දැල්වීමට බලධාරීන් පියවර ගත යුතුය.

  • ආයතනවල විදුලි සෝපාන භාවිතය අවම කර හැකිතාක් පියගැටපෙළ භාවිතා කිරීම ප්‍රවර්ධනය කළ යුතුය.

  • .. 09.00 න් පසු වෙළඳ දැන්වීම් / ප්‍රචාරණය සඳහා විවිධ ස්ථානවල ඇති විදුලි ආලෝක පුවරු / හිර අක්‍රීය කිරීම කළ යුතු අතර දිවා කාලය තුලදී ද ආයතන වල ඇති රූපවාහීනි යන්ත්‍ර අක්‍රිය කළ යුතුය.

3. ආයතනික මෙහෙයුම් ක්‍රියාපටිපාටි.

  • ආයතනයට අවශ්‍ය තාක්ෂණික පහසුකම් පවතින්නේ නම්, කාර්ය මංඩලය කාර්යාලයට නොකැඳවා මාර්ගගත ක්‍රමවේද (online) හරහා සේවය ලබා ගැනීමට ආයතන ප්‍රධානීන් කටයුතු කළ යුතුය.

  • නියමිත රාජකාරි වේලාවෙන් පසුව සහ සති අන්ත දිනවල (අත්‍යවශ්‍ය අවස්ථාවකදී හැර) කාර්යාලය වසා තැබීමට වගබලා ගත යුතුය.

  • පසුගිය මාසයට සාපේක්ෂව විදුලිය සහ ඉන්ධන භාවිතය කොපමණ ප්‍රමාණයකින් ඉතිරි කර ඇද්දැයි පරික්ෂා කිරීම සඳහා සෑම ආයතනයක්ම විශේෂ අධීක්ෂණ සහ ඇගයීමේ ක්‍රම වේදයක් සකස් කළ යුතු අතර, එම වාර්ථා අවශ්‍ය වූ විටක ලබාදීම සඳහා සූදානම් විය යුතුය.

  • සියලුම රාජ්‍ය නිලධාරින් මෙම බාහිර කම්පනයේ බලපෑම හමුවේදී මහජනතාවට ආදර්ශයක් වන පරිදි කටයුතු කළ යුතු අතර, ජාතික බල ශක්ති සංරක්ෂණය සහ සුරක්ෂිතතාවය වෙනුවෙන් තම උපරිම සහාය ලබා දිමට වගබලා ගත යුතුය.

9 Comments

  1. ඉස්සරනං අපි ඕව කළේ පොඩි එවුන් අතේ තුන්ඩු කෑලි යවලා.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. ඒ කාලෙ කන්තෝරුවල විතරක් නෙවෙයි, ගෙවල්වලත් ලයිට් දමන්න තහනම් කළා. ට්‍රාන්ස්ෆෝමර් ගිනිතියලා පළාතම කළුවරේ තිබ්බා.

      Delete
    2. අපි බොහොම සංතෝසෙන් ඒ දේවල් කළේ

      Delete
  2. බාල ගල් අඟුරු තව තොගයක් ගෙනාවා නම් හරි නේද, මහත්තයා?

    ReplyDelete
    Replies
    1. කට කට.
      සද්ද කරන්න එපා වැඩේ යටින් යනවා

      Delete
  3. දුම්රියේ සිගරට් විකුණපු "හුණ්ඩුවා" 😡🤮 දේශ ද්‍රෝහී, ජාති ද්‍රෝහී, පරගැති, දෙලොවටම නැති, නියත නිරය උරුම කරගත්, අඩු කුලේ පාහර බල්ලා. බොරු කියලා බත් කන හරක්ව රවටලා බලේට ඇවිත් මූ ඇතුළු මුගේ හොර නඩය අපේ බදු මුදල් වලින් සුර සැප විඳිමින් තව දුරටත් බොරුවෙන්ම රජ කරමින් අපේ රට, දැය, සමය වනසනවා තව දුරටත් ඉවසා සිටීමත් මුන් අවියක් විදියට අරගෙන. තමන්ගේ නොහැකියාව පිළිඅරගෙන වහාම ඉවත්ව යන්නේ නැත්නම් ගහලා පන්නාදමන්න කාලය හරි.

    ReplyDelete
  4. මුන්ට මේ පලදෙන්නෙ ත්‍රිකුණාමලයේ බුදු පිලිම උස්සපු එකෙයි, හාමුදුරුවරුන්ට කුඩකැඩෙන්ඩ ගහපු එකෙයි,
    හාමුදුරුවරු හිරගත කරපු එකෙයි ශාපය.

    ReplyDelete
    Replies
    1. Ane pala buruwa yanna..Oya pilima thiyeddi thama rata bankaloth wune...Thopi wage ewun hodai wasikili hodanna

      Delete
  5. පතිරණ රාජපක්ෂ ගලප්පත්තිMarch 24, 2026 at 1:05 AM

    ට්‍රම්ප් යුද්ධෙ නවත්තල නේද? ගොන් බයියන්ගේ අටෝරාෂියක් වූ සිහින එතනින්ම සුටුස් ගාල ඉවර වෙයි වත් ද?

    ReplyDelete
Previous Post Next Post