ADB සභාපතිටත් කොළඹ වරායට හිත යයි.. මෙරට සංචාරයේදී වරායට මුල් තැනක්...

 


තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසටෝ කණ්ඩා (Masato Kanda) මහතා ඇතුළු දූත පිරිස කොළඹ වරායේ නිරීක්‍ෂණ චාරිකාවකට සහභාගී වූහ.

වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.ඩබ්.එස්.මංගල සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක යන මහත්වරුන්, ADB නියෝජිතයින් පිළිගෙන වරායේ නියමු පාලන මැදිරිය වෙත කැඳවාගෙන ගියහ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද එක්ව සිටියහ.

කොළඹ වරයේ සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ADB බැංකුව දිගු කාලයක සිට මූල්‍ය ආධාර සපයයි. මෙම සංචාරයේදී ADB සභාපතිවරයා ප්‍රමුඛ නියෝජිත පිරිස සංවර්ධන ව්‍යාපෘති සහ මෙහෙයුම් ක්‍රියාකාරකම් සමාලෝචනය කරන ලදී. එමෙන්ම ඉදිරි සංවර්ධන ව්‍යාපෘති යෝජනා සහ මෙහෙයුම් කාර්ය සාධනය වැඩිදියුණු කිරීම සම්බන්ධව ද සාකච්ඡා කෙරුණු අතර, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය ඇතුළු වරාය අධිකාරිය සහ ADB අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමේ ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කෙරුණි.


6 Comments

  1. පතිරණ රාජපක්ෂ ගලප්පත්තිMarch 25, 2026 at 2:48 AM

    ඇත්තටම කිව්වොත් කොළඹ වරාය විශේෂී තැනක්, විශේෂයෙන් වරාය සේවකයින් සුවිශේෂීයි. හේතුව:
    සිංගප්පූරු වරාය දියුණු කලේ ලංකාවේ වරාය සේවකයින් විසින් කියලා ලීක්වාන් යූ ලිව්ව The Singapore Story - Volume II (ද සිංගප්පූ ස්ටෝරි වොලියුම් - 2) පොතේ තියෙනවා. ඔහු ලංකාවේ වරාය සේවකයන්ට ස්තුති වන්ත වෙලා තියෙනවා ඒ පිළිඹඳව. හේතුව, ඒ වෙනකොට ලෝකයේ වැඩිම නැව් සංඛ්‍යාවක් පැමිණි වරායක් වූ කොළඹ වරායේ සේවකයන් වැඩ වර්ජන කලාම, කොළඹට පැමිණීමට නියමිත නැව් ඒ ආසන්න සිංගප්පූරු වරාය වෙත පැමිණීම. කෙසේ නමුත් සිංගප්පූරු වරායේ ඒ කාලේ පුහුණු කාර්ය මණ්ඩලයක් හෝ පහසුකම් තිබී නෑ. ලී ක්වාන් යූ සිංගප්පූරු වරායට ඇතුලු වෙන නැව් වලින් කිසිම ගාස්තුවක් අය නොකිරීමට තීරණය කලා ලු. මේ නිසා නැව් වල සිටි පිරිස් විසින්ම සිංගප්පූරු ජාතිකයන් අදාල සේවා සැපයීම් වලට ස්වෙච්ඡාවෙන්ම පුහුණු කලා ලු. පැමිණි නැව් කිසිම ප්‍රමාද දෝශයකින් තොරව, හැකි උපරිමයෙන් සේවා සපයලා පිටත් කිරීමට මේ සිංගප්පූරු නොපුහුණු සේවකයන්ගේ මනා කැපකිරීමේ ප්‍රථිඵලයක් ලෙස පුළුවන් වුණා ලු. නොබෝ දිනකින්ම සිංගප්පූරු සේවකයන් ඉතාම දක්ෂ ලෙස අදාල සේවා සැපයීමට ඉගෙන ගත්තා ලු. පසුව සිංගප්පූරු වරාය ලෝකය පුරා ඉමහත් ප්‍රසිද්ධියට පත් වෙන්ඩ පටන් ගත්තා ලු. කෙසේ නමුත් කොළඹ වරාය තව දුරටත් පෙරමුණේ සිට තිබෙනවා, නමුත් ඔවුන් නොනවත්වා කල වැඩ වර්ජන නිසා එම නැව් නැවත නැවතත් සිංගප්පූරුවට යන්න පෙළඹී තිබෙනවා. පසුව එම නැව් සිය නිශ්චිත තොටුපළ ලෙස සිංගප්පූරුව භාවිතා කොට තිබෙනවා. වරායත් රටත් එමඟින් ශීග්‍ර ලෙස දියුණු වී තිබෙනවා. එනිසා, ලී ක්වාන් යූ කොළඹ වරායේ සේවකයන්ට තුති පුදනවා සිංගප්පූරු වරාය දියුණු කර දීම පිළිඹඳව. ඒ වගේම ලංකාවේ ජනතාවත් එම සේවක සංගමේ ප්‍රධානීන්ගෙන් සැදුම් ලත් පිරිසට තුති පිදුවා ඒ පිළිඹඳව, පහුගිය මැතිවරණ වලදී.

    ඔන්න ඔය විදියට විවේචන ඉදිරිපත් කරපියව් ජේ.වී.පී. ආණ්ඩුවට විරුද්ධව, තොපිට ඕන්නම්. ආණ්ඩුව මෙච්චර අමාරු තැනක ඉන්නවා, තොපිට බෑ කිසි කන්ස්ට්‍රක්ටිව් කමෙන්ට් එකක් දා ගන්ඩ. ඔන්න තොපෙන් මගේ නිදහස් අධ්‍යාපණයට වියදම් වුණ ටැක්ස් මුදල් රුපියල් දෙක තුන වෙනුවෙන් මගේ යුතුකම ඉටු කලා. ආයෙ ඊළඟ නිවුස් එකේ ඉඳන් ආපහු තොපිව හම ගහනවා.

    ReplyDelete
    Replies
    1. හරියට හරි. අපි විදුලිය පාවිච්චියෙන් ඉවත්වෙමු. පන්දම් වලින් එළිය ගනිමු. ගඟ අයිනෙ ගලේ ගහල රෙදි සෝදමු. ඒසී නවත්වමු. හැකිතරම් පයින්ම හා පුෂ් සයිකලයෙන් ගමන් යමු. මෙවැනි තවත් දේ මගින් පෞද්ගලිකව ස්වයංපෝෂිත වෙමු. එතකොට රජයට බැන බැන ඉන්න ඕන නෑ. ආදි අපේ මුත්තාල වගේ වැඩකරමු.

      Delete
    2. මොරටුවෙ ඉඳල කොළඹට වැඩට එන කෙනෙක් බස් එකෙන් නැතුව පයින් වැඩට එන්ඩ පැය කීයක් විතර යයිද?

      ගම්පහ ඉඳල කොළඹට වැඩට එන කෙනෙක් බස් එකෙන් නැතුව පුෂ් බයිසිකලෙන් වැඩට එන්ඩ පැය කීයක් විතර යයිද?

      Delete
    3. ඇහුන නේද? හෙට ඉඳලා  පචරෙනයා තොපිව හම ගහනවලු. පරිස්සම් වෙයල්ලා.

      Delete
    4. හරියට හරි අපි පුනරුදයට යන්නෙ මෙහෙමයි. සට්ටැඹියො පයින් සහ බයික් එකෙන්. කෝට් දාගත්තු සහෝදර වර SUV එකෙන්. එහෙම නැතිව බෑ. ඉස්සර රජ කාලෙත් එහෙම තමයි. ඕව මාක්ස්ට ලෙනින්ට තේරුනේ නෑ

      Delete
  2. CEB ප්‍රයිවට් කරපු එකේ මේකත් මේ ආණ්ඩුව ලව්වාම වාරයත් ප්‍රයිවට් කරානම් වැඩ වර්ජන නැති හොඳ වාරයක් ඉතිරි වෙයි.

    ReplyDelete
Previous Post Next Post