ඩ්‍රෝන යානා භාවිතා කරමින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ කටයුතු සිදුකිරිමට, යම් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට ඇති හැකියාව සැලකිල්ලට ගෙන එම තත්වය වළක්වාලිමට අවශ්‍ය ඉදිරි පියවර ගැනීම කාලීන අවශ්‍යතාවයක් බව ශ්‍රී ලංකා පොලිසියට නිරික්ෂණය වී ඇත.
මෙරට තුළ ඩ්‍රෝන යානා / නියමුවන් රහිත ගුවන් යානා ආනයනය කිරීම, වෙළඳාම් කිරීම, ක්‍රියාකරවීම සම්බන්ධව 2010 අංක 14 දරණ සිවිල් ගුවන් සේවා පනතේ සලසා ඇති ප්‍රතිපාදනවලට යටත්ව සිදු කළ යුතු වුව ද ඇතැම් ආයතනයන් මඟින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයෙන් එම යානා මෙරටට ආනයනය හා අමතර කොටස් වෙළඳාම සිදු කරන බවට තොරතුරු අනාවරණය වී ඇත.
හා එබැවින් ඩ්‍රෝන යානා / නියමුවන් රහිත ගුවන් යානා හා අමතර කොටස් ආනයනය කරන ආයතන, මෙරට තුල ඩ්‍රෝන යානා අලෙවි කරන ව්‍යාපාරික ස්ථාන අළුත්වැඩියා කරන ස්ථාන පවත්වා ගෙන යන පුද්ගලයන් 2010 අංක 14 දරණ සිවිල් ගුවන් සේවා පනතේ ප්‍රතිපාදන වලට යටත්ව එම කටයුතු පවත්වාගෙන යාමට කටයුතු කරන්නේද යන්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය අවධානය යොමු කරන ලෙසත්, ඒ සම්බන්ධ දත්ත පවත්වා ගෙන යාම සඳහාත් පොලිස්පතිතුමා විසින් සියළුම පොලිස් ස්ථාන දැනුවත් කර ඇත.

මේ හුණ්ඩුවෙ ඩ්‍රෝන ගහන්න
ReplyDeleteහහ් හිතුව මදි ඒවා කරන්න
මේ පැලවත්තේ ටිංතුල්ලා ඉන්නකං
බිල්ලන් විසින් billo මැවීම.
ReplyDelete