මැදපෙරදිග කලාපයේ මේ වන විට ඇති වී තිබෙන යුදමය වාතාවරණය හේතුවෙන් මෙරට තේ කර්මාන්තයට යම් බලපෑමක් එල්ල වුවද නිෂ්පාදනය අඩු නොකර අලෙවි කරගත නොහැකි වන තේ තොග ගබඩා කර තබා පසුව වෙළෙඳපොළට නිකුත් කරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් ඇමැති සමන්ත විද්‍යාරත්න පැවසීය.
ඇමැතිවරයා මේ බව පවසා සිටියේ මැදපෙරදිග කලාපයේ මේ වන විට ඇති වී තිබෙන යුදමය තත්ත්වය හේතුවෙන් තේ කර්මාන්තයට එල්ල වී ඇති සහ ඉදිරියේදී එල්ල විය හැකි බලපෑම් පිළිබඳව වැවිලි අමාත්‍යාංශයේ පැවැති විශේෂ සාකච්ඡාවකදීය.
හෙතෙම එහිදී කියා සිටියේ ඇතිවී තිබෙන මෙම තත්ත්වයත් සමග මූල්‍ය සහන ලබාදීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සහ කැබිනට් මණ්ඩලය සමග සාකච්ඡා කිරීමට ද නියමිත බවයි.
හෙතෙම වැඩිදුරටත් මෙසේද පැවසීය.
“යුද්ධය පවතින්නේ ඊශ්‍රායලය, ඉරානය ඇමරිකාව සහ ආරාබිකරයේ රටවල්වල වුණත් යම් බලපෑමකට අපටත් ලක්වෙන්න වෙලා තියෙනවා. පෙරේදා (4 වැනිදා) අපි තේ වෙන්දේසියට ඉදිරිපත් කරපු තේ ප්‍රමාණයෙන් වෙනදට වඩා වැඩි ප්‍රමාණයක් අලෙවි නොවී ඉතිරි වුණා. ඒ වගේම මේ වන විට යටව තිබෙන තේ දලු සම්බන්ධයෙන් හා ගොවියගේ දලු ප්‍රමාණයට ලැබෙන මිලේ යම් අඩුවීමක් සිදුවෙලා තියෙනවා. ඒ වගේම අපේ තේවලට පෙරේදා (4 වැනිදා) ලැබුණු මිලේ යම්කිසි පසුබැස්මක් තියෙනවා. නමුත් නිෂ්පාදනය කරන තේ කිසිසේතම අඩු කරන්න බලාපොරොත්තුවක් නෑ. ඒවා අපට අලෙවි කරගන්න බැරි වුණොත් ඉතිහාසයෙත් කරලා තියෙනවා වගේ වෙනම ගබඩා කරලා පසුව හමුවන හොඳ අවස්ථාවක වෙළෙඳපොළට නිකුත් කරනවා. ඒකට අවශ්‍ය මූල්‍යමය හෝ යම් සහනයක් ලබාදීම සම්බන්ධයෙන් කැබිනට් එකෙත් මුදල් අමාත්‍යාංශය සමග වගේම ජනාධිපතිවරයා සමගත් සාකච්ඡා කරනවා.”
නිර්මාණි තිලකසිරි

ඉතුරු තේ ටික පුකේ ගහ ගනින්
ReplyDeleteහරියටම හරි
Deleteඕනෙ jeppo මෝඩයි කියලා අපි කියන්නෙ.
Deleteapi honda tea stock akak handamu, hunduwa kiwwa widiyatama
ReplyDeleteඅලෙවි කරගන්න බැරි තේ වෙනම ගබඩා කරලා තියා ගන්න ඇමතියෙක්, ආණ්ඩුවක් ඕනි ද? උඹලාට පොඩ්ඩක් හරි මොළයක් තිබුණා නම් ඉතිරිවන තේ වෙනත් රටවල්වලට සහන මිළට දී පාඩු වෙලා හරි අලුත් වෙළඳ පොලවල් හා රටවල් අල්ලා ගන්නවා. 88-89 කැලේ පැනලා ජීවිතේ බේර ගත්ත ත්‍රස්තවාදී ජෙප්පන් ඇමති උනත් මොළයක් නෑ.
ReplyDeleteමූ දැක්කම වමනෙට එනවා🤢🤢
ReplyDeleteමූ නේද කිහිල්ල ඉඹල බලපු අතෙන්ම කජු අහුරු අහුරු අරන් කෑවෙ?
Deleteතේ තොග ගබඩා කරන්නෙ උමා ඔයේ හිලේ වෙන්ඩති ආයුබෝවන්ඩ
ReplyDeleteනොදකින් භූතයා.
ReplyDeleteමට මතක් වෙනව මුන් කොරෝනා කාලෙදි ආණ්ඩුව කරපු වැඩ විවේචනය කර කර දෙකොන පත්තු කරපු හැටි. කේරලය දෙස බලන්න නේපාලය දෙස බලන්න කිය කිය කටින් කොරෝනා හොඳ කරපු හැටි. කර්මය පටිසන් දෙනකොට හම්මේ ඉතිං...
ReplyDeleteයුද්දෙ නිසා විකුණන්න බැරිවෙන තේ එකතු කරලා තියලා පස්ස විකුණනවා. තොගෙ පස්ස එච්චර වටිනවා ද?
ReplyDeleteතේ නිෂ්පාදනය කරන රටේ මිනිස්සු තේ කිලෝ එක රුපියල් දෙදාහක් දීල තමයි බොන්න වෙලා තියෙන්නේ. සමහර විට පිටරට මිනිස්සු වත් මේ ගනන් වලට බොන්නෙ නැතුව ඇති.
ReplyDelete